Sunday, January 13, 2013

ගලිවර්ගේ කැම්පස් චාරිකාව...



හ්ම්ම්...බලන් ඉදල බලන් ඉදල ගලිවර් campas select වුනා කියල letter එක ආවම මාර සතුටු වුනාලු එදා...ගලිවර් කැම්පස් එකේ විස්තර හොයද්දි ආපු ආරංචි නම් එච්චර හොඳ වුනේ නෑලු... දෙපැත්තට බෙදිලා මරාගන්නවලු.. වැල ලද්දොයි අභියෝග ලද්දොයි..
මොනා වුනත් මුහුනු පොතේ පිහිටෙන් කවදාවත් දැකල නැති කවදාවත් කතා කරල නැති එකට ඉන්න වෙන අඟුටුමිට්ටො ටිකක් අඳුනගන්න ලැබුනලු.. කොහොමෙන් කොහොම හරි කට්ටිය කතාවුනේ ඔය බෙදිල ඉන්න එක පැත්තකටවත් නොගිහින් අපි එකට ඉමුයි කියලලු... ඒ දවස් වල ගොඩක් අය උනන්දු උනාලු ඒ ගැන නම්... සමහරු නම් ඉතින් ඉන්නව නෑ වගේ හිටියලු ඉතින්...


කොහොම හරි මූණුපොතෙන් සෙට් වුන කට්ටියගෙ පළමු හමුවත් සිදුවුනාලු.. එකත් හොඳට කෙරුනලු... වාසනාවද අවාසනාවද මන්ද එදා ගලිවර්ට සහභාගි වෙන්න බැරි උනා... කොහොමෙන් හරි ඒකත් හොඳට කෙරිල පටන් ගන්න දවසත් ළං වුනාලු... අපේ අඟුටුමිට්ටො ටික එකට තියා ගන්න ඕන නිසා කලින් දවසේ ගලිවර්ගෙ පැත්තෙ වැල්ලට කට්ටියම සෙට් වෙන්නත් තීරණය වුනාලු...
ඔහොම සෙටුත් වුනාලු... කොහොම හරි එදා වැලලද්දොන්ගෙනුයි අභියෝගලද්දොන්ගෙනුයි මිදිල ගලිවරුයි අඟුටුමිට්ටොයි එකට ඉන්න තීරණය වුනාලු.. ඒත් එක අඟුටුමිට්ටෙක් කිවුව දෙයින් ගලිවර්ට එකමුතුකම ගැන බලවත් ප්‍රශ්නයක් මතුවුනා.."වැලලද්දො ගැන බයවෙන්න එපා... උන් කිසිම අවුලක් දාන්නෙ නෑ කියල මං වගකිමෙන් කියනව"..ඌ මොන පැත්තෙද කියල තව අටුවා ටිකා කියන්න ඕන නෑනෙ.. ඕන ගොනෙක්ට ඒක තේරෙනව.. කොහොම හරි ඉවරවෙලා හෙට සෙට් වෙමුයි කියල කට්ටිය යන්න පිටත් වුනාලු...
"අනේ බං අපි group photo එකක් ගහමු"යි කියල අඟුටුමිටි යෝජනාවක් ආවාලු... ඒත් අර අඟුටුමිට්ටා සහ ඔහුගේ සහචරයො ටික බෑ බං පරක්කු වෙනව කියල යන්න ගියාලු... අනේ මන්ද photo එකක් ගහන්න ඔච්චර වෙල යනවද ඔච්චර පරක්කු වෙන්න...
කොහොමහරි ගලිවර් කැම්පසුත් ගියාලු.. අවුලක් නෑ දවසින් දවස ගෙවුනා... ගලිවරුත් ආතල් එකේ හිටියලු... ඔන්න කට්ටියට බෝඩ් වෙන්න උනක් ආවලු... ඔන්න ගලිවරුත් ගෙවල් පැත්තෙ සෙට් එකයි තව මූණුපොතෙන් අඳුනගත්ත සෙට් එකයි තව දෙතුන් දෙනෙකුයි එක්ක බෝඩ් වුනාලු... බොඩිමට නමකුත් තිබිල... ගලිවර් ඒක දන්නෙ පස්සෙ.."අළුත් එක" කියලලු බෝඩිමට කිවුවෙ... නමින්ම තේරුම් ගියාලු බොඩිමෙ රඟ.. හොයාගත්ත එකා ගැන ඒ දවස් වල හොඳ පැහදීමක්ලු ගලිවර්ට තිබ්බෙ... ඉතින් ඌව විස්වාශ කරල ගලිවර් හිටියලු... දවසින් දවස ගලිවර් ආතල් එකේ කල් ගෙවුවලු..
ඔහොම යද්දි ගලිවර්ට තේරුනලු අර වැලලද්දො ගැන වගකිම බාරගත්ත අඟුටුමිට්ට සහ සහචරයො ටික අහිංසක කිසිදෙයක් ගැන තේරුමක් නැති අඟුටුමිට්ටො එකා දෙකා තෙලෙන් බදිනබවක්... ඒකත් වැලලද්දොන්ව සුද්ද කරකර... ගලිවරුත් මිනිහ ගැන තේරුම් අරගෙන නොදැක්ක වගේ හිටියලු ප්‍රශ්න ඇතිකරගන්න ඕන නැති නිසා... ඔහොම ඔහොම වෙසක් එකත් ආවලු... ඔය අතරෙ ගලිවර්ගේ බෝඩිම් සගයත් ටික ටික ප්‍රසිද්ධ වුනාලු ගලිවර්ගෙ යාලුවො පිහිටෙන්.. වෙසක් එකත් එක්ක ඒ අඟුටුමිට්ටත් කරලියට එන්න ගත්තලු... ගලිවර්ටම පුදුමයි ඒ අඟුටුමිට්ට සල්ලි වියදම් කරන හැටි දැකල වෙසක් කූඩුවලට... කොහොමෙන් කොහොම ඔහොම එක එක දෙවල් වෙමින් කල් ගත වුනාලු...
ගලිවර්ගෙ කැම්පස් එකෙ හැම සතියෙම විහිළු පැයක් තියනවලු... සමහර දවස් වලට පැය, පැය 2 වෙන වෙලාවලුත් තියෙනවලු... ඕනම කැම්පස් එකක ඔය පැය තියෙන්නෙ ශිෂ්‍ය සුහසාධනයටලු.. ඒත් ගලිවර්ලගේ ඒක තනිකර විහිළු පැයක් කරගෙනලු... අනේ කාලේ වනේ වාසේ.. කොහොමෙන් හරි දවසක් හාස්‍ය උත්පාදන නාට්‍යක් රඟ දැක්කුවලු ඔය පැයේදි....
මතු සම්බන්ධයි...
මීට  ගලිවර්

සැ.යු.: මෙය හුදෙක් ගලිවර්ගෙ කැම්පස් චාරිකාවක් පමණක් බව සලකන්න..[දන්නෝ දනිති...;) ]

1 comment: