අදත් වෙනදා වගේම ලෙක්චර්ස් ඉවරවෙලා අපි වගේ එවුන්ටම හදපු රිපීට් බංකුවට වෙලා පාර දිහා බලාගෙන ඉන්න ආවා.වැඩ ඉවරවෙලා ගෑනු ළමයි එක පෙලට හොස්ටල් වලට , බෝඩිම් වලට යනවා. ඒත් එකෙක්වත් මං දිහා හැරිලා බලන් නෑනේ. එක පැත්තකින් L එක අනිත් පැත්තෙන් ටෙනිස් කෝට් එක.ඒ දෙකටම මැදිවෙලා පාර දිහා බලාගෙන,මම මෙතන හූල්ල හූල්ල ඉන්නවා.