Sunday, January 13, 2013

ගලිවර්ගෙ කැම්පස් චාරිකාව අංක 2- බෝඩිමේ වික්‍රමය..



නාට්‍ය පිට නාට්‍ය රඟ දැක්වෙන කාලයක් මේක... ප්‍රධාන නාට්‍යයට කලින් හොඳ හොඳ නාට්‍ය රඟ දැක් වුනාලු ඒ කාලෙ... ඔහොම නාට්‍යක් ගලිවර්ගෙ බෝඩිමෙත් රඟ දැක්වුනාලු... ගලිවරුයි බෝඩිමේ ඉන්න අඟුටුමිට්ටො සෙට් එකයි ආතල් එකේ ඉන්නකොට දවසක් කට්ටියටම එපා වෙලා වගේ හිටියලු... ඇත්තටද බොරුවටද දන්නෙ නෑ... කොහොමහරි එහෙමලු... ගලිවර්ටත් එ තිබ්බ ඒකාකාර බවෙන් මිදෙන්න ඕන වෙලාලු තිබ්බෙ හැබයි..
කොහොමෙන් හරි අර බෝඩිම හොයාගත්ත අඟුටුමිටි හාදයා යෝජනාවක් කලාලු බයිස්කෝප් එකක් බලන්න යන්න...ගලිවරුත් එක පයින්ම එක ස්ථිර කලලු.. කොහොම හරි කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවරවෙලා හවස බයිස්කෝප් එක බලන්න යන්න ගලිවරුයි බොඩිමේ අනිත් අඟුටුමිටි සැට් එකයි තීරණය වුනාලු.කොහොමෙන් හරි ලෙක්චරුත් ඉවරවෙලා සැට් එක බෝඩිමට ආවලු බයිස්කෝප් එක බලන්න යන්න...

ඔන්න එකපාරටම ගලිවර්ගෙ යාළුවෙකුයි තව මූනුපොතෙන් හඳුනගත්ත රයිගම්පුරවරයෙ අඟුටුමිටි හාදයෙකුයි ලෙඩේ දැම්මලු..
'අනේ බං මොන බයිස්කොප්ද...ඕවට දෙන්න සල්ලිත් නෑ බොඩිමට වෙලා ආතල් එකක් ගමුයි කියල'..
අනේ මන්ද උදේ යමුයි කියපු උනුත් හවස ලෙඩේ අදින කොට ගලිවර්ටත් එපා වෙනෝ ඉතින්.. ඊලඟට ගලිවර යෝජනාවක් කලා වැල්ලෙ යන්න... ඒකටත් කට්ටියම එච්චර ලොකු බක් අප් එකක් නෑ... ඊට පස්සෙ බෝඩිම හොයාගත්ත අඟුටුමිටි හාදයා ඇහුව පන්සල් යන්න... වැස්සකටවත් පන්සල් නොයන අඟුටුමිට්ටන්ට මොන පන්සල්ද... ඒකත් ඉතින් අතැරුනා...
ඊටපස්සෙ තමා මරු යෝජනාව ආවේ... මචන් අද පොඩ්ඩක් සැට් වෙමුද... ගත් කටටම ඔන්න අඟුටුමිටි රැල කික් වුනා... එකා දෙන්න කැමති වෙන්න ගත්ත... ගලිවරුත් ඔහෙ හිටියා ලෙඩෙ දන්නෙ නැතිව... උන්ගෙ ආතල් එකනෙ කියල... ප්‍රශ්නෙ ඉතින් බයිස්කෝප් බලන්න සල්ලි නෑ.. සැට් වෙන්න සල්ලි තියේ.. කමක් නෑ ඉතින් උන්ගෙ ආතල් එකනෙ...
ඔන්න අගුටුමිටි සැට් එක සල්ලි එකතු කරනවලු සැට් වෙන්න... කලින් සැට් නොවුන අයත් සල්ලි දානවලු කුළුදුලේ සැට් වෙන්න... ගලිවර් ඉතින් ගලීවර්ගෙ ආතල් එකෙ ඉන්නවලු... ඔන්න අඟුටුමිටි ජෝඩුවක් ගිහින් සැර අඩුම ඒවයින් 6ක් ගෙනාවලු... ඒ ගෙනාව 6ත් ඔන්න 6 දෙනෙක් එකතුවෙලා ගැහුවලු... දෙන්නෙක් කුළුදුලෙත් සැට් වුනාලු.. එහෙම තමා ඉතින් කිවුවෙ...
සැට් වෙනකොට ඉතින් අහලපහල අඟුටුමිට්ටන්ටත් කියන එක යුතුකමනෙ... ඔන්න සිඟිති අඟුටුමිට්ටත් ආවලු සැට් වෙන්න ටිකක් රෑ වෙලා... ඔන්න සැට් වුන කට්ටිය ආතල් දෙන්න ගත්තලු.. සැට් වුන කට්ටිය උන්ගෙ ආතල් එක ගද්දි සැට් නොවුන කට්ටිය උන්ගෙන් ආතල් ගත්තලු.. කොහොමෙන් කොහොම හරි වෙලාව ගතවෙලා කන වෙලාවත් ආවලු... කට්ටියක් ගියාලු කන්න... කට්ටියක් කෑම ගේන්න කිව්වලු...
ඔන්න කට්ටිය කාලා එනකොට එයාලගෙ පිටිපස්සෙන්ම වැලලද්දො සැට් එකකුත් ආවලු.. අඟුටුමිටි සැට් එක හිතුවෙ නිකන් කතා කරල යන්න ආවා කියල... එත් කතාකරල යන්න විතරක් නෙමෙ එයාල ඇවිත් තියෙන්නෙ... ඔන්න පොඩ්ඩ පොඩ්ඩ පටන් ගත්තලු එයාල ආව වැඩේ...
මුලින් අඟුටුමිටි සැට් එකේ නම ගම විස්තර එහම අහල පොඩ්ඩ පොඩ්ඩ සද්ද දාන්න පටන් ගත්තලු වැල ලද්දො සැට් එක... ඔන්න ඉතින් වැඩෙ පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙන පාටක්ලු තිබ්බෙ... ඔය අතරෙ අර බොඩිම හොයා ගත්ත අඟුටුමිට්ටො දෙන්නට එච්චරනම් සැරක් දානව පෙනුනෙ නැලු... අර සිඟිති අඟුටුමිට්ටට නම් වැලලද්දො සැට් එක දිරෙව්වෙ නැලු... ඒ බව දැක්ක අර අඟුටුමිටි දෙන්න ගලිවර්ටයි ගල්වර්ගෙ යාළුවටයි කියපි "මචං ඌව පොඩ්ඩක් ශේප් එකේ තියාගනින් අපි මෙයාලව ඉක්මනට යවනම්..."(බලෙන් ආව අයව කොහොමද ඉක්මනට යවන්නෙ..:O )
ගලිවරුත් ඉතින් එ අඟුටුමිට්ටො දෙන්නව විශ්වාස කරල සිඟිති අඟුටුමිට්ටව ශේප් එකේ තියා ගත්තලු... ඔය අතරේ බෝඩිමේ හිටිය අඟුටුමිට්ටන්ට තව තව වැඩ වුනාලු... කට්ටියකට නොසෑහෙන්න වතුර පොවන්න ගත්තලු... ඒකත් අර සැර බාල ඒව ගෙනාපුවට දාල... අඟුටුමිටි කට්ටියක් කාමරයකට අරන් ගියාලු.. තව කට්ටියකට එක ටොෆියක් දුන්නලු කටින් කටට මාරු කර කර කන්න...
ඔය විදිහට පැය 2කට වඩා ගෙවුනලු.. ගලිවර්ටයි යළුවටයි පැවරුමකුත් තිබ්බලු පහුවදාට කරල ඉවරකරන්න...එහෙම කියල ගලිවරුයි යාළුවයි කාමරයකට ගියාලු ඒක කරන්න... ඒත් එක හිතින් එ දෙන්නට ඒක කරන්න බෑලු බෝඩිමෙ වෙන දේවල් බලාගෙන.. ඉවසගෙන හිටියලු ගලිවරුයි යාළුවයි..

එක පාරටම තත්වෙ වෙනස් විය... එන පොට හොඳ නැතිවිය.. වැල ලද්දො ලැප් වල වැල හොයන්නට විය... රයිගම් කෝරලෙ උස අඟුටුමිට්ටෙක්ට බඩු පැකට් වගේ...
වැලලද්ද:උඹ අ* ගහල තියෙද?
අඟුටුමිට්ට: නෑ
වැලලද්ද:අහ් එහෙමද..ගහලම නැද්ද...කෝ මෙ ලැපේ _ල නැද්ද?
අඟුටුමිට්ට:නෑ මං කිවුවෙ බෝඩිමෙ ගහල නෑ කියල...
වැලලද්ද:අහ්හ් උඹ ගහල නෑනෙ...හිටපන්කො...
එන පොට හොඳ නැත.. බෝඩිමෙ අඟුටුමිට්ටෙක්ගෙ ආත්මගෞරුත්වයට හානි වෙන්නයි යන්නෙ... ගලිවර් ක්ෂනිකව අභියෝග ලද්දො දැනුවත් කළේය... ගතවුනේ මොහොතකි... අභියෝග ලද්දො කඩන් පත්විය...
අභියෝග ලද්දො:මොනාද මේ වැලලද්දො අඟුටුමිට්ටන්ගෙ බෝඩිම් වල රෑ තිස්සෙ කරන්නෙ...
වැලලද්දො:බොල මොනාද කරන්නෙ?
අභියෝග ලද්දො: ඒ හු*රිස් හරියන් නෑ..බැහැපිය දොට්ට...
වැලලද්දො බල්ලො වගේ එළියට බැස්සේය..
ඔන්න වැල ලද්දොයි අභියෝගලද්දොයි ඔක්කොම ගියාට පස්සෙ මෙන්න බෝඩිමෙ වුන් ෆෝම් වෙලා... බෝඩිම් හොයා ගත්ත අඟුටුමිට්ට කියපි
"මට ඇරියනම් මීට වඩා හොඳයි"...
ගලිවර්ට හිතුන ඉතින් මුන්ට කරපු හොඳ අර බල්ලොන්ට කලානම් හොඳයි කියල...බෝඩිමෙ හිටිය අඟුටුමිටි සැට් එකක් ඔන්න ගලිවර්ටයි ගලිවර්ගෙ යාළුවන්ටයි බයින්න පටන් ගත්තලු...ගලිවර්ට ඉතින් නහුතෙටම නැගල ගලිවරුත් බයින්න පටන් ගත්තලු...ඇයි යකෝ මුන්ගෙ ආත්මගරුත්වෙ බේරුවටනෙ මුන් මේ කෑ ගහන්නෙ..
අන්තිමට ඇරිය නම් හොඳයි කියපු අඟුටුමිට්ට කියපි අපි බං මුකුත් කාටවත් නොකිය ඉමු.උන් අපිට කිසි දෙයක් කලේ නෑ කියමු..නැත්තන් උන්ටනෙ සස්පෙන්ඩ් වැටෙන්නෙ අපි හින්ද,.. අම්බේ උන් ගැන තියන කැක්කුමක් මේ අඟුටුමිට්ටට... ගලිවරුත් හා කියල ඉඳියලු ඉතින්... මොනා කරන්නද...
ඔන්න පහුවදා ගලිවර්ට හම්බුනාළු මහ අභියෝගලද්දව... මෙන්න කියපි
"අන්න අරුන් ඊයෙ ඔක්කොම වැමාරුව...බොලගෙ උන්ලු උන්ට කියල ගෙන්නගෙන තියෙන්නෙ..මොනාද යකෝ බෝඩිමෙ උන් හදා ගනින් ඔක්කොටම කලින්...තව ටිකක් වෙලා හිටිය නම් තොපිට __ඇරල යන්නෙ"
ගලිවර්ට ඇල්ටොත් නැති විය...

*පසු දවසක රයිගම් කෝරලෙ උස අඟුටුමිට්ට ගලිවර්ට කියපි
"මට බං එදා ** ගහන්න දුන්නනම් ඒත් ගහනව..මට ඒක මහලොකු දෙයක් නෙමෙ"...
ගලිවර්ට බෙල්ල කපා ගන්න සිත් විය...ඔන්න ඕකයි තෙලක මහිමය..
සමහර ඒ පැත්තටත් නැති මේ පැත්තටත් නැති අඟුටුමිට්ටො හිතන් ඉන්නේ දැන් වැල ලද්දො මුකුත් කරන් නෑ..උන් හරි හොඳයි..ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කියල...ඔහොම හිතන උන්ටත් ඕක වෙන්නම ඕන තෙරෙන්න..වැලක මහිමෙ...
මතු සම්බන්ධයි...

මීට  ගලිවර්
සැ.යු.: මෙය හුදෙක් ගලිවර්ගෙ කැම්පස් චාරිකාවක් පමණක් බව සලකන්න..[දන්නෝ දනිති....;)  ]

2 comments: