Tuesday, January 22, 2013

තෙල !



                            
                                මිනිසා යනු තන්හා ආශාව ආදියේ වේලි ඇලී ඒ මත තම ජීවිතය තබා සිටින්නෙකි. මමත්වය ආත්මාර්ථය ඉර්ශියාව ආදියේ යම් ප්‍රමාණයකින් හෝ ඔවුන් තුල ඇත.එබැවින් මෙවන් සිතුවිලි අවේගශීලි පුද්ගලයන් බිහි කිරීමට සමත්වෙයි. මේ බව දන්නා යම් යම් පුද්ගලයන් තමන්ගේ අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා මිනිසුන්ගේ හදවතට කතා කොට තමාගේ අරමුණු වෙනුවෙන් ඔවුන් පෙළ ගැස්සීම සිදුවේ.

                                           විශ්ව විද්‍යාලීය උප සංස්කෘතිය තුල නම් මේකට කියන්නේ තෙල් ගහනවා කියන එක. මේවගේ දේවල් වලින් ශිෂ්‍යයන් තමන් වෙත ආකර්ෂණය කරගන්නවා. ඊටපස්සේ තමන්ගේ හිත් වල තියන අදහස් ඔවුන්ගේ හිත් වලට කාවද්දල ඒ අදහස් ඉදිරියට ගෙනියන පරම්පරාවක් නිර්මාණය කරනවා. ඉතින් ඒ විදියට නිර්මාණය වන පිරිස් වලින් අඩුවක් නෑ කැම්පස් එකක් ඇතුලේ. එක එක මතවාද තමන්ගේම කියාගත්තා පුද්ගලික මතවාද තමන්ගේ දේශපාලන මතවාද මේ හැමදේම විශ්ව විද්‍යාලයකට අමුත්තක් නෙවෙයි. ඒ වගේම අපි අමතක නොකළයුතු තව ප්‍රධාන කරුණක් තියනවා. ඒක තමයි මේ විශ්ව විද්‍යාල තුල ඉන්නේ තරුණ පිරිස් කියන ඒක.ඒ තරුණ ජවය එක්ක තනිව තීරණ අරන් තමන්ගේ අදහස් නිවැරදි කියල තමන් වටා පිරිසක් ගොඩ නගා ගන්න කැමති පුද්ගලයන් ඉන්නවා. ඒක තමයි යථාර්තය. අන්න ඒ නැගී එන නායකත්වය නිවැරදි මාවතකට යොමුවෙනවානම් මේ හුගක් ගැටළු වලට විසදුම් ලැබේවි. නමුත් වර්තමානය තුල සිදු නොවන්නෙත් ඒ දේමයි.

                                     ශිෂ්‍යයන්ට නිවැරදි මග පෙන්වන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. ඉදිරිපත් උනත් තමන්ගේ අරමුණක් මුදුන් පමුණුවා ගැනීමේ අදහසින් ඉදිරිපත් වෙන අය නැතුවම නෙවෙයි. අනෙක එහෙම ඉදිරිපත් වෙන කෙනාව කපලා දන්නා බලාගෙන ඉන්න පිරිස වැඩියි. ඔවුන්ගේ ස්ථාවර භාවය අහිමි වේවි කියන භය නිසා අනෙක් මිනිස්සුන්ව පාගලා දාන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා. මේ වගේ ව්‍යාකුල තත්වයක් තමයි වත්මන් සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නෙ. එවන් පසුබිමක් තුළ ශිෂ්‍යයන් නොමග යාම කියන කරුණ සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. ඒ සදහා බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගතයුතු කාලය දැන් ළගා වෙලා.
                                      සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ගත්තම ඔවුන් ඍජුවම රටේ අනාගත අභිවෘර්ධිය වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් හිසමත තබා ගැනීමට සිටින පිරිසක්. ඒ නිසා ඒ ශ්‍රම බලකාය තුළ බෙදීම ඇතිවීම සිදුවීම නොවිය යුතුයි. එවන් ගැටුම් තුළින් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම අපහසුතාවයට පත්වීම වලක්වන්න බෑ.

                            මේ වෙනුවෙන් කරන්න තියන හොඳම දේ මේ ශිෂ්‍ය පරම්පරාව තුළ මානසික විපර්යාසයක් සිදු කිරීම.ඒ විපර්යාසය රටේ හා අනාගත ශිෂ්‍ය පරම්පරාවල අභිවෘද්දිය වෙනුවෙන් මනා සැලසුමකට අනුව සිදුවිය යුතු කරුණක් බව අවසාන වශයෙන් සිහිපත් කරමි.

                                                                                      අසංග ද සිල්වා 

No comments:

Post a Comment