Thursday, January 17, 2013

මොරටුව සරසවියේ යලි ගැටුමක් ...




ඊයේ (16) රාත්‍රී 09.30 පමණ සිට අළුයම 2.30 පමණ වන තුරු මොරටුව විශ්ව විද්‍යාලය තුල නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවී තිබේ.මීට පෙර පසුගිය පළමුවැනිදා ද මෙවන්ම සිදුවීමක් සිදු වුයේ NDT ශිෂ්‍යයෙකුගේ මෝටර් බයිසිකලයක ඉංජිනේරු ශිෂ්‍යකු වැදීමෙන් සිදු වූ හදිසි අනතුරක් හේතුවෙනි.එහිදී නේවාසිකාගාර තුල සිටි NDT ශිෂ්‍යන් පිරිසකට ඉංජිනේරු සිසුන් විසින් පහර දුන් අතර ඊයේ සිදුවූ ගැටුම එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇත.
     සිසුන් අතර පෙර ඇතිවූ ගැටුම් හේතුවෙන් පසුගිය දින වල අධ්‍යයන කටයුතු සිදු කෙරුනේ ඉන්ජිනේරු පීඨ අවසන් වසර හා  NDT අවසන් වසර සිසුන් සදහා පමණිදෙපාර්ශවයේම අනෙකුත් සියලුම සිසුන් සඳහා සරසවි  බිම තාවකාලික  තහනම්  කලාපයක්  බවට පත් කර තිබිණි.   
                             
        ඊයේ රාත්‍රීයේ 9.30 ට පමණ විශ්වවිද්‍යාලය තුල සිටි සිසුන් දෙපිරිසක් ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එයින් තුවාල ලැබූ NDT සිසුන් දෙදෙනෙකු ලුනාව රෝහලට ඇතුලත් කර ඇත.මේ හේතුවෙන් ප්‍රකෝප වූ විශ්වවිද්‍යාලය තුල සිටි සිසුන් පිරිසක් විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඇතුළුවීමේ දොරටුව වෙත පැමිණ ආරක්ෂක අංශ නිලධාරීන් පලවා හැර එහි පාලනය ඔවුන් සතු කොට ගෙන ඇත.                                                                
        තවත් දෙසියයකට අධික හිස් ආවරණය කරන ලද පිරිසක් විශ්ව විද්‍යාලයට යාබදව ඇති පෙර පාසලක් ඔස්සේද,පිටත නේවාසිකාගාර තුල නේවාසිකව සිටි සියයකට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාලයේ පිටුපස ඇතුළු වීමේ දොරටුව ඔස්සේද පැමිණ ඉන්ජිනේරු නේවාසිකාගාරය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කොට ඇත.
කෙසේ වුවද පෙර ඇතිවූ ගැටුම් සමථයකට පත් කිරීමට දෙපිරිසම එකඟ වී සිටි පරිසරයක් තුල (පෙර ගැටුම් වලදී අලාබ හානි සිදුවූ යතුරුපැදියක වටිනාකම ගෙවීම සඳහා ඉන්ජිනේරු සිසුහු කැමැත්ත පළ කර සිටි බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.) විශ්ව විද්‍යාලය ඉදිරි සති කිහිපය තුල සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු කරගෙන යාමට තීරණය වී තිබුණි. නමුත් විශ්වවිද්‍යාලය නැවත ආරම්භ වීමත් සමගම සිසුන් අතර උසුලු විසුළු කිරීම් හා බහින් බස් වීම් ඇති වී ඇති අතර ඊයේ සිදු වූ සිදුවීම එහි උච්චතම හා අවසාන ප්‍රතිඵලයයි.උද්ගත වී ඇති තත්වය මත නැවත විශ්වවිද්‍යාලය යථා තත්වට පැමිණීමට කොපමණ කල් ගතවේ දැයි නිශ්චිතව කිව නොහැකි බැව් සිසුහු කියති.      
                      ගැටුම ආරම්භ වන විට ඉංජිනේරු පීඨ සිව් වන වසර සිසුන් විශ්ව විද්‍යාල නේවාසිකාගාර තුල තම අධ්‍යයන කටයුතු වල යෙදෙමින් සිට ඇති අතර මෙම දින වල ඔවුන් වර්ෂාවසාන විභාගයට පෙනී සිටිමින් සිටි බව විශ්ව විද්‍යාල සිසුහු පවසති. රාත්‍රී දහයට පමණ පැමිණ ඇති කලහකාරී පිරිසක් විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල ඇති පිරිමි නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට අමානුෂික ලෙස පහර දී ඇති අතර, පහර කෑ සිසුන් ආරක්ෂාව පතා කාන්තා නේවාසිකාගාරයේ ආරක්ෂක වැට ද ඇතුළු වීමේ දොරටුවද බිද දමා එතුලට දිව ගොස් ඇත.එවිට කාන්තා නෙවාසිකගාරය අසලට පැමිණි මෙම පිරිස නේවාසිකාගාරයයේ පහත මහලේ විදුලිය විසන්ධි කර එය වට කර කෑකෝ ගසමින් ප්‍රචන්ඩ ලෙස හැසිරී ඇති අතර පසුව එහි සිටි කාන්තා ආරක්ෂක නිලධාරිනියන්ගේ මැදිහත් වීම මත ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.මේ හේතුවෙන් බලවත් කම්පනයට පත් ශිෂ්‍යාවන් තම කාමර තුලට වී දොර අගුලු දමා සිට ඇත.
මෙයට පිළිතුරු වශයෙන් ඉංජිනේරු සිසුන් ද පිටත නේවාසිකාගාර භුමියේ සිට පැමිණ විශ්වවිද්‍යාලයේ පසුපස හා ඉදිරිපස දොරටු අසල රැස් වෙමින් ගල් මුල් වලින් විශ්වවිද්‍යාලය තුලට පහර දී ඇත.මෙම ගල් මුල් හුවමාරුව නිසා අසල්වාසීන්ගේ දේපල වලටද හානි සිදු වී තිබේ.
කලහකාරී පිරිස අතර අධික ලෙස මත්පැන් පානය කොට සිටි කිහිප දෙනෙකු සිටි බවටත්, කිහිප දෙනෙකු අත කඩු හා පොලු තිබූ බවටත් සරසවි ආරක්ශක අංශය තහවුරු කර ඇත.විශ්වවිද්‍යාලයේ කිහිප තැනක පෙට්‍රල් බෝම්බ ද පිපිරී ඇති අයුරු අද උදැසන දක්නට ලැබුණි.
                 අවට ඇති නේවාසිකාගාර වල ලැගුම් ගෙන සිටි සිසුන් ද, නේවාසිකාගාර වල සිටි අය ද නිවෙස් වල සිටි සිසුන් ද මේ පුවත පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී ඇති අතර එවිට ඔවුන්ට දැනුම් දී ඇත්තේ මොරටුව පොලිස් ස්ථානයෙන් කණ්ඩායමක් ගැටුම ඇති තැනට යවා ඇති බවය.තවද මෙසේ ඇමතූ සිසුන්ට ඇතැම් විටක පොලිසියෙන් පවසා ඇත්තේ, විශ්වවිද්‍යාල උපකුලපති තුමන්ගේ අවසරය නොමැතිව තමන්ට විශ්ව විද්‍යාල භූමියට ඇතුලත් විය නොහැකි බවයි.
        පිරිමි නේවාසිකාගාර තුල සිටි සිසුහු බොහොමයක් තුවාල ලබා ඇති අතර තුවාල කරුවන් පිටතට ගෙන ඒමටවත් ඉඩ නොදී පැය කිහිපයක කාලයක් තිස්සේ ඔවුන් විශ්වවිද්‍යාලය තුලම මෙම කලහකාරී සිසුන් විසින් රඳවා තබාගෙන ඇත.මේ කාල පරාසය තුල ප්‍රදේශය පුරාවටම මහා ඝෝෂාවක් ද දක්නට ලැබුණු බව අසල්වැසියෝ පවසති.මෙම ගැටලුව යම් කිසි නිවුණු මට්ටමකට ගෙන ඒමට පොලීසියට තරමක් කල් ගත වූ අතර එයට හේතුව වුයේ ප්‍රමාණවත් තරම් පොලිස් නිලධාරීන් රැස් කර ගැනීමට පොලීසියට කාලය ගත වීමයි.
              අවසානයේදී පොලිස් කැරළි මර්දන ඒකකය පැමිණීමත් සමඟ ම පොලිසිය විශ්වවිද්‍යාල භූමියට ඇතුලට පැමිණි අතර පිරිස් පාලනය කිරීමට අධි පීඩන වතුර විදින යන්ත්‍ර සුදානමෙන් තබන ලදී. පොලිසියේ මැදිහත් වීමෙන් පහර කෑ සිසුන් ඉවතට ගෙන ආ අතර පසුව ඔවුන් රෝහල් කරා පිටත් කර හරින ලදී.එක් සිසුවෙකු අසාධ්‍ය මට්ටමේ පසු වූ අතර ත් ඔහු දැඩි සතකාර ඒකකයට ඇතුලත් කරන ලදුව මේ වන විට අසාධ්‍ය තත්වයෙන් සුවය ලබා සිටින බවත් රෝහල් ගත කරන ලද සිසුන් ගෙන් 3 දෙනෙකු හැර අනෙක් පිරිස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මේ වන විට පිටත්ව ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි.
පසුව පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත NDTසිසුන් විසිර ගිය අතර,ඔවුන්ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වීමට උදැසන 3 දකවා කල් ලබා දෙන ලදී.ඉංජිනේරු සිසුන් ඒ වන විටද විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත රැස් වෙමින් සිටි හෙයින් ගැටුම් ඇති වීම වලක්වනු පිණිස NDT සිසුන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයිති බස් රථ මගින් කොටුව මධ්‍යම බස් නැවතුම් පල දක්වා ගෙන යාමට කටයුතු සකස් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරියට හා පොලිස් නිලධාරී මහතුන්ට සිදු වුනි.
             විශ්ව විද්‍යාලයට වී ඇති හානි පිලිබඳ තවමත් ස්ථිර ගණනය කිරීමක් කර නොමැත. මේ වන විට නැවත දැනුම් දෙන තුරු සියලු සිසුන් සදහා විශ්වවිද්‍යාලය වසා තිබේ.නමුත් විශ්වවිද්‍යාල සිසුන් පවසන අන්දමට නම්,පොලිසිය විසින් මෙම පරිමාණයේ ගැටලුවකට මෙයට වඩා ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවේ නම් සිදුවූ හානිය අවම කරගැනීමට හැකිව තිබුණි.

මොරටුව ප්‍රාදේශීය වාර්තාකරු,
නිශාන්ත මදුරාවල 


3 comments:

  1. NDT උන් ගෑනු හොස්ටල් වලට පෙට්‍රල් බෝම්බ ගහන්න කලින් හිතන්න තිබුන උන්ගේ අම්මත් ගැනියෙක් කියල. එහෙම හිතපු නැති එකෙන් පෙන්නේ උන් බල්ලියෝන්ට දාව උපන් එවුන් කියල
    මේකට කිසිම සම්බන්දයක් නැති ඉගෙනගන්න්න ආපු NDT සහෝදරවරු ඉන්න බව අපි දන්නවා. උන් එක්ක අපේ තුන්හිතකවත් අමනාපයක් නෑ

    ReplyDelete
    Replies
    1. මේ සදහා සම්බන්ද නොවුණු ඉංජිනේරු සිසුන් ගණනාවකුත් ඉන්නවා... මේ දේවල් නිසා අපි අමාරුවෙන් ඉංජිනේරු සිසුන් සමග ඇති කර ගෙන තියෙන මිත්‍ර කමත් නැති වෙනවා.. පිරිසකගේ ක්‍රියා කලාපයන් නිසා සේරමලා කුලල් කා ගැනීම කනගාටුවට කරුණක්

      Delete
  2. ඇත්තටම දුකයි මේ රට ගැන,
    පාර්ලිමේන්තුවේ ඉන්නෙත් හරක්,
    උන් ගිහින් රටේ සල්ලි කනවා,
    NDT මෝඩයොයි BSc මෝඩයොයි අවුරුදු 13ක් රටේ දුප්පත්ම මිනිහගේ ඉඳල ගෙවපු බදු වලින් ඉගනගෙන, අම්ම අප්පලා දුක මහන්සියෙන් හදලා කැම්පස් ගියාම මෝඩයො රැලක් වගේ ගහගන්නවා.
    අර මෝඩ ඇමතිලා හොඳයි උඹලා වගේ මොඩයෝන්ට වඩා.

    ඇත්තටම උඹලා වගේ මෝඩයො එලවල දාන්ට ඕන.
    ඉස්සල්ලම තේරුම ගනිල්ලා උඹල තවම අමල අප්පලගේ සල්ලි වලින් ජිවත් වෙන්නේ.
    උඹල පොරවල්ලා වගේ හිටියට තාම පිං බත් කන්නේ.
    උඹල ගහගත්තම අර අහිංසක දෙමවුපියොන්ගේ පපුවේ තමා ගිනි ඇවිලෙන්නේ.
    උඹලව හතර හන්දි නොකඩා හදාගත්තේ අමාරුවෙන්,
    මෝඩයො වගේ ගහගන්න එපා.
    ඔලුවට වදින පාරකින් මොළේට වෙන හානිය කවදාවත් හදන්න බැරිවෙන්න පුළුවන්.
    උඹලා ඉංජිනේරුවෝ වගේ නෙවේ සත්තු වගේ හැසිරෙන්නේ.
    මීට පස්සෙවත් මනුස්සයෝ විදිහට ප්‍රශ්න විසඳාගනිල්ලා.
    එක එකාගේ කීමට වලියට යන්න එපා.
    උඹල කොච්චර පොරත්වයෙන් හිටියත් රටේ හැමෝම දැන් උඹලා දිහා බලන්නේ පිළිකුලෙන්.
    දැන්වත් හැදියල්ලා.

    ReplyDelete