Monday, January 21, 2013

වියරු වෙසින් දගලන සහෝදරයන්ට නොව" බුද්ධිමත් ජනතාවගෙ දැන ගැනීම පිණිසයි....

එදා සිoහයෝ ලෙස හැසිරුනු ඉන්ජිනෙරු පීඨ ශිෂ්‍යයෝ අද මුව පැටියන් තරම් අහිoසකය. NDT සිසුන් කිහිප දෙනෙක්ට පහරදී "අපි ගැහුවා... NDT දිව්වා..." යමින් කෑ මොර දුන් ඔවුන් අද 6 , 4 නොදන්නා තොත්ත බබාලාය. දෙකට කැඩුනු ජනේලය හතරට කඩා ඡායාරූප ගත කිරීමටද, ගැහැණු නේවාසිකාගාර වල සිට ගල් ගසා, අපි ගැහැණුන්ට ගැසුවේය යැයි බොරු ප්‍රචාරය කිරීමට තරම් නම් අපි පහත් නොවෙමු. ඔබලා මෙම ගැටුමට එක්කල රසවත් හරබර දෑ නම් අනර්ගය.


ගොසිප්9 වැනි වෙබ් අඩවි වල පල කර ඇති ඡායාරූප පිළිබදව නම් අප හදවත් තුල ඇතිවන්නෙ ඔබලා ගැන මහත් වූ ආඩම්බරයකි, මන්දයත් එහි "මුවහත් කල පොලු" පවා ඇත. එම වෙබ් අඩවියේ අප විසින් දමන comment, report කර අයින් කිරීමට පවා කොන්ද පන නැති බවක් පෙනුනි.තම එකට හිටි සහෝදරයා දමා පලා ගොස් දැන් ඔහු වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන්නේ අපිද ? "තම සගයා ලිදට වැටුනු පසු ජීවිතය පරදුවට තබා ලිදට පැන්නේ යැයි කියන නිහඩ වීරයෝ" සිටින බවත් ඔවුන් ගැන ආඩම්බර වන බවත් පුරසාරම් දොඩන සිසුවෝද සිටී. මේවා නම් සැබෑ විහිළුය. එම වීරයෝ ලිදෙන් ගොඩට පැමිණි ආකාරය නම් සදහන් වී නැත.එදා "ඉරටු කැබලි, කුඩා බොරලු කැට" වලින් අපට පහරදුන්නා යැයි පවසන ඔබලා ප්ලාස්ටර් කැබලි දෙකක් මූණේ අලවාගෙන කැමරාවක් ඉදිරියට ගොස් මුව පැටියන් ලෙසහැසිරෙන්නේද එදා සිනoහයෝ ලෙස හැසිරුනු අයම නොවේද?


එහෙත් එදා අපේ කොල්ලන්ට ගහද්දී දැන් තිබෙන කැමරා කාච වල දූවිලි බැදී තිබුනි. ඕනම දෙයක් විකුනන් කන සමහර මාධ්‍ය වලට අද මෙම පුවත තරම් දෙයක් නැති තරම්ය. දැන් කවුරුවත් එදා NDT සිසුන්ට පහරදීම ගැන කතා කරන්නේ නැත. එදා කතා කලේද නැත. මොකද කවුරුවත් එදා ඉස්පිරිතාලේ හිටියේ නැති නිසා එකේ කිසි ගතියක් නැත. නමුත් ඔවුන්ට මෙහි ඇත්තේ අමුතුම ගතියකි. NDT Non developed technicians යනුවෙන් අලoකාර page එකක් නිර්මානය කර ඔබලාගේ පුරාජේරු දැම්මා ඔබලාට අමතකද? ගහපු පොස්ටර් ඔබලාට අමතකද? අප විසින් කර තිබූ නිර්මාන කඩා බිද දැමුවා ඔබලාට අමතකද? ගැටුමකට මෙම ප්‍රශ්නය පේරලා ගත්තේ අපිද ඔබද? එසේ කර දැන් කිඹුල් කදුලු හෙලන්නේ අපිද ඔබද? ඔබලා පවසන පරිදි NDT අපි තුල කිසිම හීනමානයක් නැත. ඔබලා සමජයෙන් ලබාගැනීමට උත්සහ කරන අනුකම්පාව කෙතරම් සාධාරනද යන්න තීරනය කිරීමට අපි බුද්ධිමත් ජනතාවට ඇරයුම් කරමු. හදවතින් අහන්න...

NDT අපි




NDT  සිසුනට කල පහරස්දීමේ දී විනාශ වූ යතුරුපැදිය



ඔවුන්ගේ පහර දීම අගය කරමින් FACE BOOK හි ඡායාරූප පළකර තිබු අයුරු 


විනාශ කර දැමු සැරසිල්ලක් 


No comments:

Post a Comment