අපි ගැන..

අපි සාපේක්ෂව වෙනස්....





අපට කිසි කුකුසක් නෑ ඔබේ උද්‍යෝගය ගැන...!! හදවතේ ඔබේ පොපියන හඩ ඇතුළේ ඒ හෘදයාංගම කම දෝරෙ ගලන බව අපට තේරෙනවා.ජීවිතේ එක් කඩයිමක් පසුකරලා ඔයාලා ඇවිත් ඉන්නේ අධ්‍යාපන ගමනේ අවසාන අදියරට..ඒත් ආදරණිය නංගි මල්ලි,ඔයාලා ගෙදර යන්න කලින් ඔයාලට කියන්න කරුණු කාරනා ගොඩාක් තියෙනවා.මොකද මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනය තුළ ඔබට සෑහෙන දිගු ගමනක් යන්න තියෙනවා.ඒත් පටන් ගන්න තැනම පාර වැරදුනොත් ඒ ලස්සන අනාගත ගමන විනාස වෙන්න පුළුවන්....!!
මේ තරම් දුක් විඳලා මේ තරම් වාසනාවන්ත තැනකට ආපු ඔය හැමෝගෙම හිතේ තියෙන්නේ එක දෙයක් බව අපට දැනෙනවා.මොකද අපිත් අවුරුද්දකට කලින් ඔතන හිටපු නිසා.. ඒ තමයි ඩිග්රියක් දක්වාම ඉගෙනගන්න එක.වේලක් නොකා වේලක් කාලා,රෑ හත අට වෙනකන් O.T.කරලා,කුඹුරේ හේනේ දහදිය වගුරවමින් වැඩ කරලා අපිව මේ තැනට ගෙනාපු දෙමව්පියන්ගේ  මුනේ හිනාවක්‌ ඉතුරු කරන්න!
ඒත්,අද වන විට නවක අනුයෝජන වැඩසටහන් මුවාවෙන් ඇතැම් ශිෂ්‍ය කොටස් ගෙන යන සමුහ වශයෙන් සිසුන් රැස් කිරීම,අමානුෂික නවක වධය හා ඒ තුලින් තමන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා දේශපාලනික කාඩර්වරුන් බිහි කිරීමේ ක්‍රියාවලිය ඔබේ ඒ දහසක් බලාපොරොත්තු සුන් කරන්නේ ඔබ සිතනවාටත් වඩා වේගයෙන් හා ඔබ නොසිතන තරමේ සුක්ෂම භාවයකින්.
නවකයන් විශ්වවිද්‍යාලය තුලට,එහි උප සංස්කෘතීන් තුලට අනුයෝජනය කිරීම අවශ්‍ය බව සැබෑ නමුත් ඒ මගින් අධ්‍යාපනය,ගුරුවරුන්,කෙරෙහි නවකයන් තුල අප්‍රසාදය ඇති කිරීම,ඉංග්‍රීසි දැනුම හැල්ලුවට ලක් කිරීම,ශිෂ්‍යයාගේ නිදහස් චින්තනය විනාශ කිරීම,ශිෂ්‍යයා නායකයන් අන්දධානුකරණය කරන්නෙක් බවට හැරවීම,තම මතයට එරෙහි වන්නන් කොන් කිරීම හා පාගා දැමීම,සිසුන්ගේ කායික මානසික රෝගී භාවයන් නොසලකා හරිමින් ශාරීරික වධ හිංසා පැමිනවිම,ලිංගික අතවර සිදුකිරීම හා මානසික අසහනයන් මුදා හැරිම,අපට කිසි ලෙසකින් වත් අනුමත කරන්නට බැරිය. 
එමෙන්ම අධ්‍යාපනයට හා විශාල පිරිසකට රැදී සිටීමට නුසුදුසු තත්වයේ අවම පහසුකම් සහිත පුද්ගලික නේවාසිකාගාර තුලට නවකයන් බලෙන් ගාල් කිරීමද අපට කිසිසේත් අනුමත කල නොහැකිය.
මේ දින තුන පුරාවට ඔබට මග කියූ,හද පත්ලෙන්ම නැගෙනා සහෝදරත්වයෙන් ඔබව පිළිගත්,ඔබේම සහෝදර අපි,මෙම අමානුෂික ක්‍රියාවලියට එරෙහිවන්නෙමු.විශ්වවිද්‍යාලයෙන් බිහි විය යුත්තේ පටු මතයකට හිර වූ දේශපාලන කාඩරයන් නොව නිදහස් විවෘත්ත මනසින් ලෝකය දකින අධ්‍යාපනයට සංවේදී විද්‍යාර්ථයින් බව අදහන අපි ඒ මතවාදය තුල ගමන් කරමින් පසුගාමින් ද ඒ  නිවැරදි මාවතට රැගෙන එන්නට උත්සාහ දරන්නෙමු.
එනමුදු මතවාද වෙනුවෙන් අනෙකෙකුගේ ලේ සෙලවීම හෝ අධ්‍යාපන අයතිය සිද දැමීම අපි පිළිකුල් කරනෙමු!! කන්ඩායමක් වශයෙන් එකට සිටීමේ වැදගත්කම හා කණ්ඩායමක්‌ තුල වන ශක්තිය අගය කරන්නෙමු .
අන් සියළු විශ්වවිද්‍යාලීය සංගම් හා එකමුතු වලින් නවකවධ විරෝධී ශිෂ්‍ය එකමුතුව වන අපි වෙනස් වන්නේ ද එයිනි.අප තුල පක්ෂ දේශපාලනයක් නැත. දේශපාලකයන්ගේ අතකොළුද නැත.මොරටු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ නවකවධ විරෝධී ශිෂ්‍ය එකමුතුව වශයෙන් අපට ඒ හැර අන් කිසිම චේතනාවක් නැත.කිසිදු දේශපාලන පක්ෂයක මතයක් දැරීමට ද අපට කිසිම අවශ්‍යතාවයක් නැත.අප එකී බල ලෝභී කිසිවෙකුගේ අතකොළු නොවන හෙයින් පටු දේශපාලන වාසි වලට ලංකාවේ උසස්තම සම්බන්ධිකාරක ඉංජිනේරුවන් බිහි කරන පාඨමාලාව හෑල්ලු කිරීමට තරම් පහත් මානසිකත්වයක් අපට නැත.
එබැවින් මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ නවකවධ විරෝධී ශිෂ්‍ය එකමුතුව වශයෙන් මෙතෙක් අප ආ මඟ පිළිබඳව අපි සැහීමකට පත් වන්නෙමු. ඉදිරිය පැහැදිලිය. අපි එය පසුපස ස්වාධීනව ගමන් කරන්නෙමු.
ඉතිංනංගියේ මල්ලියේ,
අපි අතර ඔයාලගේ මොළ වල වස පොවන ජාතියේ කට්ටිය නැහැ.අපි ඒක නිර්භයව කියනවා. මොකද කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී අපි ඔලුවේ තියන පාට පක්ෂ භේද ටික එළියෙන් තියල එන්නේ.අපි සියළු දෙනාම අපගේ අනාගතය ගැන විවෘත මනසකින් ඉන්නේ.එ හින්ද අපිව කොච්චර හංවඩු ගැහුවත් ඉංජිනේරුවන් වශයෙන් අපි හරි මඟ යනවා. ඔයාලට අපි ඒක සහතික කරනවා.
ඒ සොදුරු මාවතේ එන්න,අප හා අත්වැල් බැඳගන්න....

No comments:

Post a Comment