Saturday, January 19, 2013

රොෂාන් සෙනෙවිරත්න සොයුරාණෙනි ඔබට ඉක්මන් සුව..




දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින අවාසනාවන්ත ගැටුමක අවසන් ගොදුර බවට පත්ව රෝහල් ගතව සිටින රොෂාන් සෙනෙවිරත්න සොයුරාණෙනි නවකවධ විරෝධී ශිෂ්‍ය එකමුතුවේ අපි ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු. 

කව්රුන් විසින් කවරෙකුට උවද පහර දීම මානුෂික නොවේ.එබැවින් මෙම පහරදීම් දිව්ත්වයෙන් එකක් හෝ මානුෂිය කිරීමට ද අපි උත්සාහ නොකරන්නෙමු. NDT  පාඨමාලාව දියගම පරිශ්‍රයට ගෙන යාම පිළිබද අපගේ විරුද්ධත්වයක් නැත.අවශ්‍ය පහසුකම් ස්‌ථාපිත කර තිබේ නම් අද උවද එහි යාමට අපගේ අකමැත්තක් නැත.නමුත් වසර 13 ක් තිස්සේ එය ලැබූ ප්‍රගතිය ගැන නම් සෑහීමකට පත් විය නොහැක.

අවසන් වශයෙන් යමක් ප්‍රකාශ කල යුතුව ඇත.අප කිසිවෙකු උපතින් NDTහෝ Bsc.Eng. නොවෙමු.එකම විභාගයකින් වෙනස් ලකුණු ලබා ගැනීම මෙයට හේතුව ද?? නැතිනම් සියලු ශිෂ්‍යයෝ එදා පටන්ම කගේ හෝ අතකොලු ලෙසින් භාවිත වෙමින් අනෙකුත් පාර්ශවයන්ගේ දේශපාලන,පරිපාලන,පෳද්ගලික අභිමතාර්ථ සපුරාලීම වෙනුවෙන් තම වටිනා ජිවිත ද, අධ්‍යාපනය ද, පරදුවට තබනව නොවේද ??

මදක් සිතන්න.

නුවන් සුරත් එදිරිසූරිය

3 comments:

  1. If all the the NDT persons thinks like this both engineering and NDT persons could work as brothers in the same University. But when majority of NDT are savages (we know that they are not savages when they first come to the uni but somehow they have become blood sucking cannibals)effort of the rest goes in vain.

    ReplyDelete
  2. උබලට හරි දුකයි වගේ නේ හොස්පිටල් ඉන්න එකා ගැන....
    උබලට 2004 න් පස්සේ නිත්‍යානුකුල විදිහට කැම්පස් එකේ ඉන්න බැ.... ( දන්නේ නැත්තම් හොයල බලපන් )....එත් අපි ඉන්න දුන්න.....
    උබලට 2000 න් පස්සේ ඉංජිනේරු පිටයට ලැබෙන කිසිම දෙයකට එන්න බැ... නිතියානුකුල විදිහට... එත් අපි එන්න දුන්න... (Eg: New Mechanical building)
    ඒ අපි මනුස්සයෝ නිසයි... උබලත් මනුස්සයෝ කියල හිතපු නිසයි....
    උබලා මනුස්සයෝ නෙමෙයි කියල පෙන්නලා ඉවරයි..... කොල්ලන්ට ගහපු එක පැත්තකින් තියමු.... තමන් ඉගෙන ගන්න, තමන්ට සෙවන දුන්න තැනකට අර වගේ අපරාදයක් කරන්න තරම් උබල තිරිසන්.....
    තව කැම්පස් එක ඇතුලේ කොල්ලන්ට අවුට් වුනු උබලගේ එවුන්ව ගෙන්නලා ගහන්න තරම් උබල නපුන්සකයි......
    අපිත් අයෙ උබලට මනුස්සයෝ විදිහට සලකන්නේ නැ......

    ReplyDelete
    Replies
    1. මේක මගේ මතය.මේක ndt එකේ පොදු මතය නොවෙන්න පුළුවන්, එකට මට කරන්න දෙයක් නෑ.2004 කියල තියෙන්නේ ndt එක වෙනම පරිපාලනයක් යටතට ගෙන ආ යුතුයි කියලයි. මම කියනවට පිළිගන්න එපා.2004 සත් කමිටු වාර්තාව හදපු කමියුවේ හිටිය උබලගේ ඔය කියන mechanical department එකේම prof. ලුකස් සර් ගෙන් අහපල්ලා... සම්පත් බෙදා ගැනීම පිළිබද වෙනම කමිටුවක් රැස් උනා.එකෙන් නිකුත් කරපු cooperate plan එකේ කියාල තියෙනවා වෙන තැනකට ගෙන යන තුරු ndt එකට ලැබිය යුතු විද්‍යාගාර,පුස්ථකාල, සහ අනෙකුත් පහසුකම් ගැන... කටට ආව පලියට කියවන්නෙපා

      Delete