Monday, March 4, 2013

නුදුටු සහෝදරත්වය...


විශ්ව විද්‍යාලයට තේරුනා කියා දැනගත්තම සියළු දෙනාටම හිතේ ඇති වන්නේ මහත් සතුටක්..
ඒත් විශ්ව විද්‍යාලයට යන මුල්ම දවසෙ සමහරුන්ට ඒ සතුට පිටි පස්සෙ යම් බියක් හැන්ඟී ඇති බව ඒ අත්දැකීම ලැබූවන් දන්නව...
නුහුරු පරිසරයකට කිසිවකුවත් නොදැන දහසක් බලාපොරොත්තු හිතේ දරාගෙන පැමිණියත් ඒ සමාජය සමහර විටෙක හිතන තරම් සොඳුරු නොවේ...
විඳින්න වෙන දුක් ගැහැට බොහෝය...
එවන් වටපිටාවක වෙනත් අයගේ ආතල් එකක් වීමට සිදුවන තැන...
නන්නාඳුනන දහසක් දෙනා මැද අහම්බෙන් හමුවන හඳුනනා මිත්‍රයත් නාඳුනනන්නෙක් ලෙස ක්‍රියා කරන තැන තමන් පත්වන අසරණ බව දන්නෙ තමන් පමණි...
එවන් වටපිටාවක පිහිට වීමට තරම් මහත්මා හිතක් තිබූ ඔබ වෙනුවෙන් මේ ලියමි...

සමහරුන් ජාතිය අමතන විට මල්ලියේ මෙහෙමයි මල්ලියේ කියා නිවැරදි මග පෙන්නු...
පෙර මුණගැසී නොතිබුනත් හදවතට දැනෙන තරම් සහෝදරත්වයෙන් නියම ජේශ්ඨත්වයේ අර්ථය පෙන්නු...
බහුතරයකගේ ගැරහුමට ලක් වුනත් දහසක් බාධක ඉදිරියට පැමිණුනත් තමන් කරන නිවැරදි ක්‍රියාව නොබියව ඉදිරියට රැගෙන ගිය...
තම වැඩ ද අත පසු කර ගනිමින් අප වෙනුවෙන් කැප වුනු...
අසරණ වුන විට හදවතින් පිහිට වුනු...
මඩේ එරුණුවිට හදවතින්ම අත දුන්..
fun වෙලාවට funම දුන්..
බලෙන් නොව ක්‍රියාවෙන් ගෞරවාන්විත වූ...
සහෝදරයිනි ඔබට අපගේ හදවතින්ම පිදෙන උත්තමාචාරයයි...
සමහරුන්ට ඔබ කළ දේ හි අගය නොවැටහුනත්..
ඔබව අගය කරන බොහෝ දෙනකු සිටින බවට සාක්ෂියයි මේ...
හෙටින් ඇරඹෙන ඔබගේ තෙවන වසරටත්, ක්ෂේත්‍රීය පුහුණු කාලය උපරිමයෙන් සාර්ථක කර ගැනීමටත්, සියලු බලාපොරොත්තු ඉටු කරගැනීමටත් හදවතින්ම සුබ පතනවා...!!! 

ඔබගේ අඩුව නොමදව දැනෙනු ඇත..
(Y)