Sunday, January 20, 2013

ගැටුමක සුල මුල !!


දිනය - 2013.01.01

NDT ශිෂ්‍යයෙකු හා ඉ.පීඨයේ 4 වන වසර ශිෂ්‍යයෙකු අතර සුළු බහින්බස් වීමක් ඇතිවිය.........

NDT ශිෂ්‍යයාගේ මෝටර් සයිකලය ඉ.පීඨ ශිෂ්‍යයාගේ ඇඟෙහි වැදීමෙන් පසු ඉ.පී. ශිෂ්‍යයා NDT ශිෂ්‍යයාට සමාව ගන්න ලෙස බල කිරීමත් NDT ශිෂ්‍යයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම බහින්බස් වීම දුර දිග ගියේය (වරද කාගේදැයි අපි නොදනිමු) NDT පළමු වසර සිසුන්ට නිවාඩු ලබා දී තිබීමත් 2 වසර සිසුන්ට ආරම්භ වීමට තිබුනේ පසු දින වීම නිසාත් ඒ වනවිට ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටියේ ශිෂ්‍යයන් 60 කට ආසන්න පිරිසකි.මෙම බහින්බස්වීම දුරදිග යාමෙන් සරසවියට රැස්වූ ඉ.පී. ශිෂ්‍යයන් 1000 කට අධික පිරිසක් NDT ශිෂ්‍යයන් 60 දෙනාට එලව එලවා පහර දීමටත් ඔවුන් සරසවි භුමියෙන් පිටතට පන්නා දැමීමටත් කටයුතු කරන ලදී.

ඉන් නොනැවතුණු ඔවුන් බහින්බස් වීමට සම්බන්ධ වූ සිසුවාගේ මෝටර් සයිකලය කුඩු කර දැමීමෙන් සරසවිය පුරා NDTයට අපහාස වන අයුරින් ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමත් භාවය ප්‍රදර්ශනය කරන ලදී.තම නිර්මාණ කුසලතා එලි දැක්වීම සඳහා NDTය විසින් සකස් කර තිබු "NDT ප්‍රභාතය" ද, තවත් සිතුවමක්ද කඩ බිඳ දමා පුළුස්ස දමන ලදී.මීට අමතරව "Non Developed Technicians" නමින් facebook පිටුවක්ද නිර්මාණය කරගෙන තිබුණි.මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද.....

තීරණය බුද්ධිමත් ඔබට භාරයි.............














No comments:

Post a Comment