Wednesday, January 11, 2012

පූසාගේ කොලම













ඤාව්ය!                                                                                                      
පසුගිය කාලේ පූසා හිටියෙ හොඳටම සොරි වෙලය.දැන්නම්  CAMPUS වැඩ නිසා කන්න බොන්න වෙලාවට ලැබෙනවාය.පසුගිය අවුරුද්දේ ඉඳලාම මොරටුවේ ප්‍රශ්නය.නමුත් එයාලට ගානක්වත් නෑය.හැබැයි කවුරුහරි මරාගන්නවා නම් හොඳය. එතකොට මල්ල කරේය.සති 23ක නිවාඩු ෂුවර් ය.
ඤාව්ය!
එක කට්ටියක් කියන විදියට පසුගිය අප්‍රේල් හය වෙනිදා නේවාසිකාගාරය යුධ පිටියක් වුනාලු ය.පූසාට හිතෙන විදිහට නම් එයාලා යුධ පිටියක් දැකලා නැති ය. පූසාගේ මොලේ පොඩි ය.හිතන්නට පුළුවන් ටික ය. ඒ නිසා පූසාට වැරදිලා වෙන්නටත් පුළුවන් ය. නමුත් පූසාට හොඳට ඇස් පෙනන බව නම් පිළිගන්නටම වෙනවා ය.
ඤාව්ය!
අයියලා කිතිකවා මල්ලිලාව කුලප්පු කරනවා ය.කඩු පොලු මුවහත් කරනවා ය. එතකොට මල්ලිලාටත් තද වෙනවා ය.
එතකොට අයියලාට ගහනවා ය.වඩා වැරදි කිතිකවන එකද නැත්නම් ගහන එකද කියලා  හිතලා බලන්නම ඕනෑ ය.
කිති කැව්වේ නැත්නම් ගුටි කන්නට වෙන්නේ නම් නෑ ය.
ඤාව්ය!
අයියලාම සමහර අයියලාට ගහනවා ය. බොරුවට තුවාල වුනා, තර්ජනය කලා කියා කෑ ගහනවා ය. ඊට පස්සේ  ඒවා කලේ මල්ලිලා ය කියනවා ය. ඒවා අතේ මාට්ටු වෙලත් අයියලාට විලිලැජ්ජා නැති ය. පූසාට නම් මේවා නරලොව හොල්මන් ය.
ඤාව්ය!
තියෙන තරමක් ඔක්කොම ප්‍රශ්න Rag එක නිසා ය. Rag නැත්නම් මල්ලිලා වෙන් වෙන්නේ  නෑ ය. එතකොට ප්‍රශ්නද නෑ ය.අයියලාටත් හොඳ ය.
ඤාව්ය!
පූසාට පෙනෙන හැටියට, හැමෝටම අනුකම්පා කර කර ප්‍රශ්න විසඳන්න බෑ ය.කොන්ද කෙලින් තියාගෙන තීරණයක්‌ ගන්න පුළුවන් පාලනයක් මේකේ ඇති වෙන තුරු මේ ප්‍රශ්න නවතින එක නම් හීනයක් ම තමා ය
ඤාව්ය!

අයියලා හිටියාට කමක් නෑ ය.ඒත් එයාලා තමන්ගේ තරම දැනගත යුතු ය.නැතිනම්......
ඤාව්ය! ඤාව්ය! ඤාව්ය!

No comments:

Post a Comment