Monday, January 9, 2012

කලණ මිතුරා



වැටී- හිරවී සිටින සඳ ඔබ
සිහිනෙයකි ඉදිරියට යන සිත
එහෙත් - ඔබ දෝතින් නගන්නේ
කලණ මිතුරා පමණි -මේ ලොව ...!

කාත් කුරුත් නොමැති ලෝකෙක
හුදකලාවී  තනිව ගිය සඳ
ඔබට නිවැරදි මග කියන්නේ
කලණ මිතුරා පමණි - මේ ලොව ....!

නව ලොවේ නව සෙවුම්  සොයමින්
ඇදී- ඇදී පිය නඟා යන සඳ
ඔබට නිවැරදි මග කියන්නේ
කලණ මිතුරා පමණි - මේ ලොව ....!

සෝ -තැවුල්   කඳුලින් වෙලී ගිය
දිනෙක ඔබ සුවපත් කරන්නට
සතුට රැල්ලක් ලෙසින් එන්නේ
කලණ මිතුරා පමණි - මේ ලොව ....!

මිහිරි හසරෙල්ලෙන් පිරී ගිය
ඔබේ ලොව ඔබ රජ කරන සඳ
මියුරු ගීයක් ලෙසින් එන්නේ
කලණ මිතුරා පමණි - මේ ලොව ....!

No comments:

Post a Comment