Monday, January 16, 2012

ලංකාවේ උසස් අධ්‍යාපනය හා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම (නිදහස් අධ්‍යාපනයේ අක්‍රමවත් බව නිසා වයසට යන අපි)




අපේ රටේ විභාග පස්සේ දුවන තරඟේ පටං ගන්නේ 3 වසරේ ඉඳන්.ඒ 5 වසර ශිෂ්‍යත්වේ ඉහලින්ම පාස් කරවන්න 3 වසරේ ලමයින්ව පංති ගානෙ අරං දුවලා.ඔහොම දුක් විඳින අපේ රටේ ලමයි සාමාන්‍ය පෙලටත් පංති 10 කට විතර දුවල හොඳටම හෙම්බත් වෙලයි උසස් පෙල කරන්න එන්නේ.

    හැබැයි ඒ හැම හෙම්බත් වීමක්ම අපේ යහපත උදෙසා කියලා හිත හදාගන්න පුළුවන් දේවල්.ඒත් කතාව පටං ගන්නේ සාමාන්‍යපෙළ කරපු එකා උසස්පෙළ කරන්න කලිං බලං ඉන්න වෙන මාස 6 / 7 ත් එක්ක.සාමන්‍යපෙළ විභාගේ ඉවර වෙන්නේ දෙසැම්බර් මාසේ.ඊට පස්සේ ඒ ලමයි බලං ඉන්නවා කරපු විභාගේ ප්‍රතිඵල එනකං මාස 5ක් විතර.බොහෝවිට අප්‍රේල් මාසේ මැද වෙද්දි තමයි ඔය බලං ඉන්න ප්‍රතිඵලේ එන්නේ.



             දැං පටං ගන්න කැල්ක්‍යුලේටරේ ඔන් කරගන්න.ඔන්න දෙසැම්බර් ඉඳලා අප්‍රේල් මැදවෙනකොට මාස 4 1/2 ක් නිකංම ගත වෙලා ඔන්න.ඊලඟට උසස්පෙළ පාසල් පටං ගන්නේ ජූලි මුල (කොලඹ පාසල් කිහිපයක් විතරක් ඊට මසක් පමණ පෙර පටං ගන්නවා ) එතකොට තවත් මාස 2 1/2 ක් ගිහිං.ඔක්කොම එකතුව මාස 7යි.

  ඊලඟට ඔන්න උසස්පෙළ.මහා තරඟ විභාගය.ජීවිතේ  සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන කඩඉම.ලමයි කඩිමුඩියේ,විෂයන් එකකට පංති 4 ගානේ විතර පංතිත් හොයාගෙන ජීවිතෙ ජයගන්න අව්,වැසි නොබලා අධ්‍යාපනේ!!! කෑමක්,බීමක් නැතුව සමහරු හරියට නින්දක්වත් නැතුව අවුරුදු 2ක් නැහිලා,නැහිලා ඔන්න විභාගේ කරනවා අවුරුදු දෙකකට පස්සේ එන අගෝස්තුවේදි.විභාගේ ඉවර වෙන්නේ අගෝස්තුව අන්තිමේ.

     ඔන්න නැවතත් බලං සිටීමේ කාලය!!!අගෝස්තුවේ විභාගේ කොරන උන්ගේ ප්‍රතිඵල එන්නේ දෙසැම්බර් ජනවාරි කාලය ඇතුලත.අපි ජනවාරි මුල කියලා හිතමුකෝ.ඔන්න එතකොට අගෝස්තුවේ ඉඳන් මාස 4යි.

   ජනවාරියේදි ප්‍රතිඵල ආවට වැඩක් නෑ ඕං!!! නැවත සමීක්ෂණ ඉවර වෙනකං කඩඉම් ලකුණු දෙන්න බෑ නොවෑ!!! ඉතිං ඔන්න අපි අයෙමත් බලං ඉන්නවා.ඇටිකෙහෙල් කාපු රිලව් වගේ අපි බලං ඉන්නවා පේපර්ස් බලපු මිනිස්සුංගේ අතිං වෙච්ච වැරදි හරිගස්සනකං!!!!ඔන්න ඔය නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන්නේ ජූනි මාසේ හෝ ජූලි මාසේ.අපි ජූලි මාසේ කියලා ගත්තොත්,ජනවාරි ඉඳන් මාස 7යි.

   එතකොට මාස 11ක්ම අපි උසස්පෙළ කරල උඩ බලං ඉඳලා!

 හෝව් හෝව්!!!තව ඉවර නෑ !!! :) ප්‍රතිඵල ආවට,කඩඉම් ලකුණු ආවට , කැම්පස් පටං ගන්නේ තව මාසයක් හෝ දෙකක් ගිහිල්ලා.එතකොට මාස 13ක් නිකරුනේ ගතකරලා අපේ උසස්පෙළ කරපු හපන්නු ටික.
     ඔක්කොම එකතු කරල බලන්න දැං.සාමාන්‍යපෙළ ඉවර වෙලා බලං හිටපු මාස 7යි,උසස්පෙළ කරල බලං උන්නු මාස 13යි.එකතුකළාම, මාස 20යි!!!අවුරුදු දෙකකට මාස 4යි අඩු!!! :))
   මේ පාර අපේ  කැම්පස් එක පටං ගත්තේ  නොවෙම්බර් වල,කට්ටිය මාර සන්තෝසෙන් අවේ රෙජිස්ටර් වෙන්න.මොකද ගෙදර ඉදලම එපා වෙලා නිසා.ඊට පස්සේ තමා නියම වැඩේ ...      රෙජිස්ටර් උනාට කැම්පස් පටන් ගන්නේ ජනවාරි වල.ඔන්න නැවතත් බලං සිටීමේ කාලය!!! ඔන්න අර මාස 4ත් සම්පූර්ණයි!!! අර මාස 20ට තවත් මාස 8ක් එකතු වෙලා.එතකොට බලන හිටපු මුළු කාලය අවරුදු 2යි මාස 4යි.

එතකොට උසස්පෙළ හමාරකරලා , ජීවිතේ ජයගත්තු , ලාංකික නිදහස් අධ්‍යාපනේ පහස ලැබූ දක්ෂ ශිෂ්‍යයා , තමංගේ ජීවිතේ වටිනාම කාලයෙන් අවුරුදු 2යි මාස 4ක් නාස්ති කරගෙන ඉවරයි , රජයේ සහ ලාංකික අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වයට පිං සිදු වෙන්න.


   මීට සමාන්තරව ජත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ලමයින්ගේ ජීවිත ගැන හොයලා බලමුද?



   ජාත්‍යන්තර පාසලක සාමාන්‍යපෙළ කරන්නේ අපි සාමන්‍යපෙළ කරන අවුරුද්දේම අගෝස්තුවේ.ඒ කියන්නේ අපිට මාස 3කට කලින්.ඒක ඉවර වෙලා මාසයක් ඇතුළත උසස්පෙළත් පටං ගන්නවා.එයාලගේ පේපර්ස් ඔක්කොම බලන්නේ එංගලන්තෙට යවලයි.එහෙම යවලත් ඒ පේපර්ස් මාසයක් ඇතුළත ප්‍රතිඵල සහිතව ලංකාවට එනවා.

     ඊලඟට එයාලා උසස්පෙළ කරන්නෙත් අපිට කලින් අවුරුද්දේ අගෝස්තුවල.එතනත් අවුරුද්දක වෙනසක්.එහෙම කරපු එයාලගේ ප්‍රතිඵල එනව මාසයක් ඇතුලත.ඊලඟ ජනවාරි වෙනකොට ඒ ලමයි තමංගේ ජීවිතේ ජයගන්න ඕනි කරන උසස් අධ්‍යාපනේට විදේශගතවෙනවා , එහෙමත් නැත්තං දැනට මෙරට පටං අරං තියෙන පුද්ගලික විශ්ව විද්‍යාලෙකට ඇතුලත් වෙනවා.
       ඔන්න ඔහොම කරුණු කාරනා සිද්ධවුණාම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබූ ,උසස්පෙළ ඉහලින් සමත්වූ ලමයින්ගේ ජීවිතවලට අහිමිවෙච්ච අවුරුදු දෙක , පෞද්ගලික අධ්‍යාපනය ලැබූ ලමයි අර්ථවත්ව සහ ජීවිතේ ජයගන්න පාවිච්චි කරලා තියෙන බව අපිට පේනවා.
    ඒකට හේතුව වෙලා තියෙන්නේ බටහිර,පෞද්ගලික අධ්‍යාපනය තුල ඇති මනා කළමනාකාරීත්වය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියලත් හැමෝටම තේරෙනවා ඇති.

    ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් කවදා ඇරේවිද??මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව දියුණු වේවිද?


    මේ විදියට අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති දුර්වලතා නිසා අපේ ශිෂ්‍ය පරම්පරාවට සිදුවෙන විපත සහ අසාධාරණය කවදා නතරවේවිද???

"ලංකාවේ උසස් අධ්‍යාපනය නිසා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම කවදා නතර වේවිද?" 
උපුටා ගත්තේ ජන්ජාල චාමරගේ ජංජාලයයෙන් ...


3 comments:

  1. Original (old) post can be viewed from here : http://goo.gl/2pvru

    බ්ලොග් එක හොඳට කරනවා මචං.. සුපිරි!

    ReplyDelete
  2. ela machan api exam 2 kalane api 3,5 years withara kala thiyanawa

    ReplyDelete