Friday, January 13, 2012

ආදරණිය පුචි නංගියේ මල්ලියේ....




ආදරණිය පුචි නංගියේ මල්ලියේ.... ආ වැරදුනානෙ,දැන් ඉතින් කොහෙද  පුංචි වෙන්නෙ? අපි ඒ හින්ද පුංචි නැතිව ආදරණිය නංගියේ මල්ලියේ කියල පටන් ගනිමු.මුලින්ම මේ දුරුතු මාසේ අපේ මොරටුව කැම්පස් එකට හා හා පුරා කියල ඇතුලත්වූන ඔයගොල්ලෝ ඔක්කොම, NDT  එකේම ඔයගොල්ලන්ට උඩ  බැච් එකේ ඒ කියන්නේ දෙවන වසර අය්යල අක්කල විදිහට අපි හැමෝම සාදරයෙන් පිළිගන්නව.කියන්න නම් අපට ගොඩක් දේවල් තියෙනව.එත් මුලින්ම පුංචි වචනයක් කියන්න ඕන.මේ බ්ලොග් ඒක පුරාවට තියෙන්නෙ,අවුරුද්දක් තිස්සේ අපි වගුරපු දහදිය මහන්සියෙන් ලබා ගත්තු අත්දැකීම් ගැනයි.දැන් ඔයගොල්ලන්ටත් අයිති මේ කැම්පස් එකේ සැඟවුණු ඇත්ත කතන්දරය ගැණයි.මේ බ්ලොග් ඒක සංවාදයට විවෘත්තයි.මෙතන හැමෝගෙම අදහස් එලියට දාන තැනක මිසක්,කව්රුවත් තලා පෙලා දාන්න,මර්දනය කරන්න,කව්රුවත් ගැන වෛරයක් ඇති කරන්න උත්සාහ කරන තැනක් නෙවෙයි.

ජාත්‍යන්තර ශ්‍රේනිගතකිරීම් වලට අනුව අපේ කැම්පස් එක ලංකාවෙන්ම අංක 1කියල අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්.අපේ ඇඟේ නිල්,කොළ,රතු,පාට පච්ච කොටල නෑ.ඔය කව්රුත් මෙහෙ එන්නේ දේශපාලනේ කරන්න නෙවෙයිනෙ.අපි කව්රුත් දේශපාලනේ කරෙත් නෑ,කරන්නෙත් නෑ.ඉස්සරහට කරන්න ඉඩ දෙන්නෙත් නෑ.මොකද මොන ආණ්ඩුව ආවත් දේශපාලකයෝ බලන්නේ තමන්ගේ වාසිය විතරයි.ඒ නිසා front ඒකෙන් ඇතුළට එද්දී ඔලුවේ තියෙන පාට පක්ෂ භේද ටික එළියෙන් තියල එන්න.පොඩි එවුන්ගේ මොළ වලට වස පොවන්න ඔයාලගේ අය්යල අක්කල වෙච්ච අපට උවමනාවක් නෑ.අපට ඕන ඔයාල ඉගනගන්නවා දකින්නයි.මොකද physical, statics වගේ ඩිග්රි අතෑරලා ඔයාල මෙතනට එන්නේ කහනවට නෙවෙයිනෙ.
අනිත් තැන් වල වගේ තමන්ගේ ෆැකල්ටියේ පොඩි එවුන්ව රැග් කරන්න තරම් මානසික අසහනකාරයො අපි අතර නෑ.ඒ ගැන අපට වගකීමෙන් වගේම ආඩම්බරයෙන් කියන්න පුළුවන්.ඩ්‍රෙස් කෝඩ් එක කියල කියන මුල් කාලෙ අදින පළදින විදිහ කොහෙත්ම රැග් එකක් කියල හිතන්න එපා.අපි සෑහෙන යාලුවො අදුනගත්තෙ ඩ්‍රෙස් කෝඩ් කාලෙ.ඕකත් නැතිනම් කොහොමද ඔයගොල්ලෝ තමන්ගේ බැච් එකේ කෙනෙක් වෙන් කරල අදුනගන්නෙ.එකේ වටිනාකම දැන් අපිට තේරුණත් අපිත් ඔය කාලේ අපේ අය්යාලට මේක මහ වදයක් කියල බැන්නේ හොරෙන් හොරෙන්.ඔයගොල්ලොත් එහෙම බනිවි.එකට කමක් නෑ.එහෙම කරන්න.අපි එක බලාපොරොත්තු වෙනවා.මොකද එහෙම එකතු වෙලා හොරෙන් අපට බනින කොට ඒකෙනුත් වැඩිවෙන්නේ ඔයාලගේ බැච් ෆිට් එක නිසා.ඉස්සර අපේ අය්යල අපට  රැග් එක දුන්නෙ ඔය බැච් ෆිට් එක හදන්න කියල තමයි.එහෙම කියල තමයි මුල්ම කාලෙ රැග් එක පටන් ගත්තෙත්.ඒ කාලේ තිබ්බේ පුටුවක් උඩ නැගල සින්දුවක් කියන්න,නැත්තන් දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා නාට්‍යයක් කරන  එක වගේ දේවල්.ඒත් ඒ රැග් එක අද කොයි තරම් පහත් තත්වෙට වැටිලද කියනව නම් පහුගිය අවරුදු වල රෑට කොල්ලන්ව ඇදුම් නැතුව කුණු කානු දිගේ බඩගෑවෙව්වා.මොකටද?බැච් ෆිට් එක ඇති කරන්න.මේ කියන්නේ බොරුවක්ද කියල ඔයගොල්ලන්ගෙම අයිය කෙනෙක් අක්ක කෙනෙක් පහුගිය කාලේ NDT කළා නම් අහල බලන්න.සමහරු තමන්ට ලැබිච්ච රැග් එක ගැන අඩුම ගානේ තමන්ගේ අම්මට වත් කියන්නේ නෑ,එක්කෝ ඒවා ගැන පිටට කියන්න තහනම් කරල.නැත්තම් ඒවා කාටවත් කියන්න බැරි විදිහේ ඒව.ඒ දේවල් නිසා වර්ෂයකට ඔයාල වගේම අසරණ අම්මල තාත්තලාගේ දරුවෝ 30ක් 40ක් මේ පාඨමාලාව අතහැරලා ආපහු ගියා.සමහරුන්ට පිස්සු හදුනා.ඒ සමහරු බැච් ෆිට් එක හදන්න හදන හැටි.එත අපි ඒ බැච් ෆිට් එකම වෙන විදිහකට හදමු.හැබැයි ඒක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.අපි ඒකැ කරන්න ඔයාලට මග පෙන්නන්නම්.FIRST YEAR එකේදී ඔයාලට යුනියන් ඒකෙන් ඔයාලට බාර දෙන වැඩේ කරන්න තමන්ගේ උපරිම ශක්තිය දෙන්න.එතකොට බැච් ෆිට් එක නිකන්ම හැදෙයි.ඔයාල දන්නෙත් නැතුවම.
තව ටික දවසකින් ඔයාලට ඉස්සෙල්ල කිව්වා වගේ කරන්න පොදු වැඩ ටික ටික යෙදෙයි.ඉස්සරහට ෆ්‍රෙෂර්ස් ඩේ එකක්,බැච් ට්‍රිප් එකක්,විද්‍යා ප්‍රදර්ශනයක්,සමාජ සත්කාරයක්, එහෙමත් එනව.අනිවාර්යෙන්ම ඒවාට තමන්ගේ උපරිමය දෙන්න.එකට ඔයා ගනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.මේ වැඩ කාලේ නැහැයි කියල ඔයාලට ඩිප්ලෝමා එක නොදී ඉන්නේ නෑ.ඒක NDT කරන හැමෝටම ලැබෙනවා.ඒ ගැන බය වෙන්න එපා.එත තමන්ගේ ජිවිතයට ඒකෙන් ලැබෙන පන්නරය වගේම අත්දැකීම් වෙන කිසිම දේකින් ලබා ගන්න බෑ.ඒ වගේම ඒ දේවල් කරලා තව අවරුදු දෙකකින් මෙතනින් යනකොට,තමන් එක්ක එකට මැරෙන්න උනත් යන්න එන යාළුවො රොත්තක් හදා ගන්න පුලුවන්නම්....ඒක ලොකු ජයග්‍රහණයක්.
ආදරණිය නගියේ මල්ලියේ, අපි ඔයාලගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි.මේ දවස ටිකේ හෙමෝ එක්කම කතා බහ කරලා යාළුකම් ඇති කරගන්න.පක්ෂ පාට බෝඩිම් ගම් පළාත් අනුව වෙන වෙන්න හදන්න එපා.බැච් එකක් විදිහට හැමෝම එකට ඉන්න.ඔයාලට යන්න මාවත අපි එලි පෙහෙළි කරලා දීලා ඉවරයි.ඔයාලට අද නිදහසේ අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන් වටපිටාවක් නිර්මානර වෙලා ඉවරයි.ඒ නිදහස රැක ගන්න.අපි කියන දේවල් හරි නම් විතරක් පිළිගන්න.වැරදී නම් ඒ වැරදිත් හදාගෙන හරි මග යන්න.72වැනි පරපුර විදිහට ඔයාලට  NDT අම්මා වෙනුවෙන්  කරන්න පුලුවන් උතුම්ම සේවය ඒකයි....
අපි 71.

1 comment:

  1. hoda aiyala tikak :)) me wage aya physical tiyana uni. walath ina one..:)) wish u best of luck!!!

    ReplyDelete