Saturday, January 14, 2012

පූසාගේ කොලම



ඤාව්ය...        

මා උපන්තේකට කොලමක් තියා හරිහමන් ලියුමක්වත් ලියා නොමැති නිසා මේ අටමගල ලියන්න පටන් ගත්තේ පට්ට බයෙන් ය. නොදන්න මඟුල් කරන්නට ගොස් වරිගය නහගන්න වුනොත් විලි ලැජ්ජාවේ සන්තෝසයේ බැරි ය. මේ වන තෙක් මං ගැන මෙලෝ හසරක් නොකිවුවේ ඒ නිසා ය. ඒත් දැං දැං රට්ටු කිහිපදෙනෙක් මා ගැන දන්නේ ය. ඒත් බොහෝ දෙනා නොදන්නේ ය. එක් පුසියක් මා ඉදිරියේම පුසාට බැන්නාහු ය. ඈ කියන්නේ පුසාගේ කට හොඳ නෑ කියා ය. ඒත් බොහෝ දෙනා හොඳ කිව්වෝ ය. ඒ ගැන නම් බොක්කෙන්ම ස්තුති ය.

ඤාව්ය...


දැං දැං Grand Finale (ග්‍රෑන්ඩ් ෆිනාලේ) exam වලට ලඟ ය. පුපුව හෝස් ගා පත්තු වන්නේ එවිට ය. ෆිල්ම් බලන්න, කොලමක් ලියන්නවත් වෙලාවක් නැති පූසාට පොතක් නම් පේන්නේවත් නැති ය.ඒ අස්සේ අලුත් මල්ලිල නංගිලා සෙට් එකක්ම කැම්පස් එකට ගොඩවෙලා ය.

ඤාව්ය...

මේ පාර නම් මල්ලිලා ගැන බලන්නට අය්ය්යලා පැත්ත පළාතේ නැති ය.භාග විට ග්‍රෑන්ඩ් ෆිනාලේ එක්සැම් එක නිසා වෙන්නට ඇතිය.නැතිනම් මේ පාර හොස්ටල් වලින් අය්යලාට එලියට බහින්නට උන නිසා ද වෙන්නට පුළුවන් ය.. කොහොම උනත් වැරදි කාරයන්ට දඩුවම් ලැබුණේය.ඒත් ඉතින් අය්යලාට විභාගේ දවස් වල වත් හොස්ටල් දුන්නොත් හොදය...පූසාට අය්යලා ගැන දුකය.

ඤාව්ය...
සමර මල්ලිලා නම් දැන්ම ඩෙනිමට බැහැලාය.නංගිලා දෙතුන් දෙනෙක්ගේ ගවුම් කොට 2වසරේ පොඩි උන්ගෙන් ණයට ඉල්ලාගත් ඒවා වගේය.උඩ ගවුමට යටින් යට ගවුමත් එලියට පැනලාය.
අය්යලාගේ අගේ දැනෙන්නේ ඒ වෙලාවටය.කවදාවත්  NDT කරන නංගිලා තියා අක්කලාවත් ඒ විදිහට ඇන්දේ නැතිය.ඒ ගැනත් පූසාට දුකය.

ඤාව්ය...

අනික් හැම දේම ඇගිල්ලෙන් ඇන ඇන කියාදෙන මැඩම්ල ස්ර්ලා පොඩි උන්ට ඒ ගැනැත් කියා දුන්නා නම් හොදය.යමක් කමක් තේරෙන මල්ලිලා නංගිලා යාලුවන්ට මේ ගැන කියනවා නම් ඊටත් වඩා හොදය.

ඤාව්ය...

පූසාගේ මොලේ පොඩිය හිතන්නට පුළුවන් ටික ය.ඒ නිසා පුසාට වැරදිලා වෙන්නටත් පුළුවන්ය.නමුත් පූසාට හොදට ඇස් පේන බව නම් පිළිගන්නටම වෙනවාය...  

ඤාව්ය... ඤාව්ය... ඤාව්ය...

 මීට පූසා ය.

No comments:

Post a Comment