Monday, April 23, 2012

මට දැනුණු දේ...

 

                                     thinking_of_you_by_D_cartoonist


                              අ.පො.ස සාපේ නිත්තාවටම දුරුකිරීමත් සමගම කුඩා කළ පටන් ඉංජිනේරු අංශය ගැන තිබූ උනන්දුවක් නිසා උසස් පෙළ ගණිත අංශයෙ හැදෑරීමට මා යොමු වුනා... ගණිත අංශයෙන් උසස් පෙළට මුහුණ දෙද්දී සමහරු හිත යටින් හිනා වෙන බව මට ඕන තරම් දැනුනා... ඒ,ඒ අය හිතාගෙන ඉන්න පටු දැකීම තුලින් ගණිත අංශය අමාරුයි කියන බව දැකලා... ඒත් ඒ කිසිවක් මට නම් වැදගත් උනේ නෑ...
                               ප්‍රථිපල ආවම ඉංජිනේරු හීනය, හීනයක්ම වෙයි කියලත් හිතුනා මට... සමහරු අමුතු විදියට හිනා වූනා... කළා අංශයේ A ,B ,B ප්‍රථිපල මට ඇහෙන්න කිව්වේ හරි ලොකුවකින්... ඒත් ඉතිං දන්න අය දන්නවා ඒකෙ තියෙන ලොකුව ගැන...
                              

  NDT එන්න කලින් ඒ තරම් ලොකු අවබෝධයක් තිබුණේ නෑ මේ මොකද්ද කියලා...
උපකාරක පංති වලදී අහන්න ලැබුණු දේත් එක්කම දන්න දන්න අයගෙන් හොයලා බලලා NDT එන්න තීරණේ කළේ, ඉංජිනේරු හීනයට තිබ්බ ආසාව නිසයි...මුලින්ම විශ්ව විද්‍යාලයට ආපු දවස හොදින්ම මතකේ රැදෙන දවසක් වූනා... ඒ හිත තුල තිබුණු සතුටත් , අළුත් පරිසරයට ඇති නුහුරු බවත්, කටකතා වලින් හිතේ ඇතිකළ නවක වද බියත්       නිසා.…..
                               ජීවිතයේ අළුත් පියවරක් තබන්නට යන බවත් විශ්වවිද්‍යාල පරිසරය තුල ගොඩක් ලොකු වෙනසක් ඇති බවත් මේ දින කිහිපය තුල දැනෙන්නට වුනා... ඒ එහි තිබෙන නිදහසත් , එහි ඇති වෙනස්ම සමාජ පසුබිමත් නිසා... එය හුදෙක් පාසලට වඩා වෙනස් සිත් ගන්නා තැනක් වූනා….මුල් දින 3, සීනියර් අයියලාගේ මග පෙන්වීම යටතේ ගෙවී ගියත් ඉන්පසු ඇති වී තිබූ තත්වය නිසා අපි සියළු දෙනා ආචාර්යවරුන්ගේ මග පෙන්වීම යටතේ විශ්වවිද්‍යාලය ඇතුලත පරිසරය ගැන අවබෝධයක් ලැබුවා... නොයෙකුත් සමාජ මට්ටම වල සිටින, නොයෙකුත් ප්‍රදේශ වලින් පැමිණි බොහෝ දෙනා හා කතාබහ කර හදුනා ගැනීම දිනෙන් දින සිදු වූනා... ෆීල්ඩ් වශයෙන් බොහෝ දෙනා හා හොදින් දැන හදුනා ගැනීම ඉක්මනින් සිදු වූ අතර ඇතුලත තිබූ ගිනි පුපුරු වලින් රස්නය වැදුණු සමහරක් දෙනා ද තමන්ගේ අරමුණුද ඉටු කර ගැනීම මේ කාලයේම ඇරබුනා...
                             නවක වදය ගැන නොයෙකුත් අර්ථකතන තිබුණද මා ගිය පාසල හා හැදී වැදුන සමාජය අනුව අලුතින් නවක වදයක් දී හදන්නට දෙයක් ඉතිරි වී ඇතයි මා නොසිතමි... තවද, බොහෝ දෙනා තුල ඇත්තේ NDT නවක වදය පිළිබදව අප්‍රසන්න හැගීමක්... එය ඔවුන් හා ඇසුරුකිරීමේදී අවබෝද වූ කාරණයක්... වසර දෙකක පමණ කාලයක් තුල තිබූ බෙදුණු අරගලයක නිමාව දැකීමත්, ඒ දෙපිරිස අප වෙනුවෙන් එක් වීමත් මේ කාලය තුල සිදු වූනා... මා එය සුවිශේෂී සිද්ධියක් ලෙස දකින අතර පුද්ගලිකව මම එය ගෞරවයෙන් අගය කරන්නමි... මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වුවත්, සීතල යුද්දයක් තවමත් පැවතගෙන යයි... පිටත බෝඩිම් වල සිටින අය ඇතුලත බෝඩිම් වලට ඇද ගැනීම මෙහිලා සුවිශේෂී කාරණයකි... තවමත් මේ යුද්දයේ නිමාවක් පෙනෙන්නට නම් නැත... නමුත් එහි ගිනි පුපුරු වලින් බැට කන්නේ අප සියළු දෙනාමය... එය සෑම කෙනෙක්ම වටහාගන්නේ නම් අගනේය... . . .

                                                                                                        සම්පත් දේශාන්

No comments:

Post a Comment