Tuesday, September 24, 2013

අපි අ.ල. ඇයි අවුල්ද ?

(අපි සාපේක්ෂව වෙනස් - part 2)



                   සත්තකින්ම අපි ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල තුල තිබෙන පාඨමාලාවන්ට වඩා වෙනස් වන්නෙමු.ඒ විශ්වවිද්‍යාලයක් තුල පවත්වාගෙන යනු ලබන එකම ඩිප්ලෝමා පාඨමාලාව අප වන බැවිනි.එමෙන්ම එය තුන් අවුරුදු පුර්ණකාලින පාඨමාලාවක් වීමත් ඒ සදහා ඇතුලත් වීමට තුන් අවුරුදු උපාධි පාඨමාලාවකට ඇතුලත් වීමට අවශ්‍ය තරම් වන උසස් පෙළ කඩයිම් ලකුණු ප්‍රමාණයක් අවශ්‍ය වීමත් අනෙකුත් විශේෂිත කාරනා අතර පෙරමුණේ පසුවේ.           

           අපි සාපේක්ෂව වෙනස් වන්නේ එවන් වූ විශේෂිත පාඨමාලාවක් හදාරන නිසා හෝ අපි විසින්ම කියාගන්නා නිසා හෝ නොවේ.අපි වෙනස් වන්නේ අනෙකුත් කිසිදු විශ්වවිද්‍යාලයක නොවන ආකාරයේ උප සංස්කෘතියකට,චර්යා හා ආචාරධර්ම රටාවකට,වෙනස් ආකාරයේ ජේෂ්ඨ -කනිෂ්ඨ සහසබදතාවයකට උරුමකම් කියන නිසාවෙනි.          

                   අපි හුදෙක් මානසික වින්දනය සදහා නවක සිසුන් rag නොකරන්නෙමු .විවිධ පක්ෂ,පාට,කල්ලි,වෙනුවෙන් කඩේ නොයන්නෙමු.විශ්වවිද්‍යාල සිසුන් වෙනකුන්ගේ උවමනාවන් සපුරාලනු වස් කැට සෙලවීමට,පෝස්ටර ඇදීමට,උද්ගෝෂණ කිරීමට නොයවන්නෙමු.අධ්‍යාපනය මෙන්ම විශය සමගාමී ක්‍රියාකාරකම් මෙන්ම සමාජ සුබසාදනමය කටයුතු වල නියලෙන්නෙමු.           

                   එපමණක් නොවේ... අපි සාපේක්ෂව වෙනස් වන්නේ,අතහරින ලදැයි කොන් කරන්නට තැත් කරද්දී ලැබෙන අභයෝග සාර්ථකව මැඩලමින්, අතරින්නන්ට නොලැබෙන්න වූ batch t shirt, batch ට්‍රිප්, hostel, batch ෆොටෝ, unioun, කුප්පි, social නොහොත් බකට්, ක්‍රීඩා උත්සව,විශ්වවිද්‍යාලයෙන් පිටත හෑ ඇතුලත ක්‍රියාකාරකම් සංවිධානය කිරීම,එකී මෙකි නොකී සියලු දේ වසර 3ක කෙටි කාලයක් තුල යථාර්තයක් බවට පත් කල බැවිනි.              

          එමෙන්ම මේ සියලු දේ අතර කඩාකප්පල්කාරීන්ට, යන්තරේ හෙන්චයියන්ට,දේශපාලන වාසි බලන බොර දියේ මාළු බාන්නන්ට, මඩ ගසන්නන්ට,කොන්ද පණ නැති ආත්‍රපෝඩාවන්ට (සුද්දන්ට), දෙපිටකාට්ටුවන්ට හෙවත් කේලම් කාරයින්ට,ප්‍රධාන වශයෙන් rag කරන්නන් හෙවත් ‘අන්තර්’වාදීන්ට ද  නොබියව දෛර්යයෙන් මුහුණ දීමටද අපට සිදු විය.            

         නොපැයූ හිරුට නොව පායා ඇති සඳට වදින්නට පුරුදුව සිටි සමාජයක සමහර නිලධාරීන්, ගුරුවරුන්, ප්‍රභූවරුන් පවා අපව හෙලා දකිද්දී නැතහොත් සත්‍ය දකින්නට බිය වෙද්දී අප ආ ගමන් මග සරල සුන්දර සුමට නොවූ බව පිළිගත යුතුමය.මග පෙන්වන්නන්,පිටුපස සිට අත් උදව් දෙන්නන්, මුදල් පොම්ප කරන්නන්, නොමැතිව ශ්‍රී ලංකාව තුල මෑත ඉතිහාසයේ පුර්වාදර්ශයක් පවා නොමැතිව මේ තාක් දුරට මේ ගමන පැමිණි නිසාවෙන්ම අපි අනෙකුත් අයවලුනට වඩා වෙනස් වන්නෙමු.වර්තමානයේ නවක අනුයෝජන වැඩසටහන් මුවාවෙන් ඇතැම් ශිෂ්‍ය කොටස් ගෙන යන සමුහ වශයෙන් සිසුන් රැස් කිරීම,අමානුෂික නවක වධය හා ඒ තුලින් තමන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා දේශපාලනික කාඩර්වරුන් බිහි කිරීමේ ක්‍රියාවලිය අපි ප්‍රසිද්ධියේම පිළිකුල් සහගතව හෙලා දකින්නෙමු. අනෙකුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ඊට බිය වෙත්දී අපි එයට විරුද්ධව සටන් කරන බැවින් අපි සාපේක්ෂව වෙනස් වන්නෙමු.  

          නවකයන් විශ්වවිද්‍යාලය තුලට,එහි උප සංස්කෘතීන් තුලට අනුයෝජනය කිරීම අවශ්‍ය බව සැබෑ නමුත් ඒ මගින් අධ්‍යාපනය,ගුරුවරුන්, කෙරෙහි නවකයන් තුල අප්‍රසාදය ඇති කිරීම,ඉංග්‍රීසි දැනුම හැල්ලුවට ලක් කිරීම,ශිෂ්‍යයාගේ නිදහස් චින්තනය විනාශ කිරීම,ශිෂ්‍යයා නායකයන් අන්දධානුකරණය කරන්නෙක් බවට හැරවීම,තම මතයට එරෙහි වන්නන් කොන් කිරීම හා පාගා දැමීම,සිසුන්ගේ කායික මානසික රෝගී භාවයන් නොසලකා හරිමින් ශාරීරික වධ හිංසා පැමිනවිම,ලිංගික අතවර සිදුකිරීම හා මානසික අසහනයන් මුදා හැරිම,අපට කිසි ලෙසකින් වත් අනුමත නොකරන්නෙමු.

අවසාන වශයෙන් අපට ඔබෙන් අසන්නට ඇත්තේ, 

අපි අ.ල. ඇයි අවුල්ද ?
                   

මාතලන් ෴

1 comment:

  1. ela ela,,mama ndt 1t aluthen enne inne.apitiude test livva.z=1.37,gampahin 238.mava select veida.ndt apitude test 1th pass.normally 1.37 k vage z agayak athi veida ndt select venne

    ReplyDelete