අදත් වෙනදා වගේම ලෙක්චර්ස් ඉවරවෙලා අපි වගේ එවුන්ටම හදපු රිපීට් බංකුවට වෙලා පාර දිහා බලාගෙන ඉන්න ආවා.වැඩ ඉවරවෙලා ගෑනු ළමයි එක පෙලට හොස්ටල් වලට , බෝඩිම් වලට යනවා. ඒත් එකෙක්වත් මං දිහා හැරිලා බලන් නෑනේ. එක පැත්තකින් L එක අනිත් පැත්තෙන් ටෙනිස් කෝට් එක.ඒ දෙකටම මැදිවෙලා පාර දිහා බලාගෙන,මම මෙතන හූල්ල හූල්ල ඉන්නවා.
කැම්පස් එන්න කලින් නම් කට්ටිය කිව්වේ, කැම්පස් නම් මොරටු තමයි යන්න ඕනේ. එහෙ rag ඒකත් නෑ,උගන්නනවත් නියමයි,කොළඹ පොෂ් කෑලිත් ගොඩක් ඉන්නවා අහන්න විතරයි ඕනේ පටස් ගාලා යාලු වෙන්න පුලුවන් කියලා. මොන පිස්සුද !!! මම කාගෙහරි ලණුවක් කාලද කොහෙද?
නැත්නම් මම ගෑනු ළමයින්ගෙන් අහපු විදිහට කැම්පස් එකෙන් භාගයක් ම කෙල්ලෝ මාත් එක්ක යාලු වෙලා ඉන්න එපැයි. අහන අහන එකා එක්කො කැම්පස් එකෙන් ගොඩ ගිහින් එක්කො පිටින් ගොඩ ගිහින් ඉන්නේ. ඉතින් එහෙව් එකේ මං කොහොමද ගොඩ නොගියපු කෙල්ලෙක්වම හොයන්නේ.
ගොඩ නොගියපු එවුන්ට කියලා ඉතුරු වෙලා ඉන්නේ යක්කු ටික විතරයි. එවුන්ගෙන් ඇහුවොත් නම් කෙලින්ම හා කියයි. එහෙම එවුන්ව බැන්දට පස්සේ ගමේ එවුන් අහයි ‘උඹ බැන්දේ ගමේ එකාලව බය කරන්නද" කියලා.
'' උඹ අදත් පාර දිහා බලාගෙන ඉන්නේ. තාම වැඩක් සෙට් උනේ නැද්ද? ''
මොකෙද්ද මන්දා එකෙක් නක්කලේට වගේ අහගෙන ගියා.අනේ අම්මාපල්ල!!! ඕකාට දෙකක් අනින්න ඇත්නම්. ඇයි යකෝ වැඩක් හරි ගියානම් රිපීට් බංකුවේ ඉන්නවැයි. මූට ඒක තෙරෙන්නෙත් නැද්ද .මදැයි ෆස්ට් ඉයර් එකේ හොදට වැඩ කරලා රිසල්ට් දාලා batch top වෙලා,දෙවනි අවුරුද්දේ junior batch එකෙන් කෑල්ලක් ගොඩ දාන්න හිටියා. මට තිබ්බේ ෆස්ට් ඉයර් එකේම කෙල්ලෙක්ගෙන් අහන්න එතකොට වැඩේ හරි යන්නත් තිබ්බා.දැන් මොනා කරන්නද ගිය නුවණ ආයෙ ගන්න කියලා යෑ.
වැඩක් නෑ කජු කැලේ කියන්නේ හීනයක් විතරයි. මේ කපේදි යන්න ලැබෙන් නෑ.ගියෙත් එකම එක වතාවයි ඒකත් ජුනියර් බැජ් එක එන දවසේ සැරසිලි කරන්න බට ගහක් කපන්න.හොද වෙලාවට බට ගහ උස්සන් ඒක පුරාම ගියේ නැත්නම් කජු කැලේ රවුම් ද හතරැස් ද කියලවත් දන්නෙ නෑ නේ.
අවුරුදු දෙකක්ම නිකන් ඔහේ ගෙවුනා.කරපු දේකුත් නෑ වෙච්ච වැඩකුත් නෑ .ඔලුවෙ තිබ්බ කෙස් ගස් ටික සුදු උනා විතරයි.අවුලක් නෑ අවුලක් නෑ ඉදලා ඉදලා වහින්නේ හද්ද වැහි කියලා කතාවක් තියෙනවනේ. ඒවගේ මටත් කවදහරි හොද කලක් යයිනේ. එදාට ජොලි කරන්න බැරුව යෑ.
දන්නෙම නැතුව රෑත් උනා. දැන් ඉතින් මෙතන ඉදලා මෙලෝ වැඩක් නෑ. නිකන් පින්නට අහුවෙලා ලෙඩ වෙන්න වෙන්නේ. කොණ්ඩෙත් නැති හන්දා පින්නේ ඉදලා පීනසේ හැදෙන්නත් බැරි නෑ.අදට වැඩිය හෙට හොද වෙයි කියලා කතාවක් තියෙනවනේ. මටත් එහෙම උනොත් හොදයි. හැබැයි ඉතින් ඔය කතාව ගැන මගේ ලොකු විස්වාසෙකුත් නෑ. නැත්නම් හරියන්න මෙච්චර කල් ඉන්න ඕනයැ..

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙයා කිව් එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් උනා එකා ලග බඩු හත අටය
ඉවසුව මෙමා අද තාමත් තනිකඩය
මෙම ලිපිය කතෘ තුමන් වෙත නිර්නාමිකව යොමු කරන ලද නිර්මාණයක් බව කරුණාවෙන් සලකන්න. ඔබේ මෙවන් හරවත්, රසවත්, උපහාසාත්මක, විචාරශීලි මේ ඕනෑම නිර්මාණයක් අප වෙත ලැබීමට සලස්වන්න.ඔබේ හඩ ලොවටම කියන්න අපි සුදානම්… අපේ ලිපිනය neweraforndt@gmail.com
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
ReplyDeleteමේක කිව් එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් වූ එකා හට බඩු හත අටය
තනිවූ මෙමා හට තාමත් තනිඅතය
මචන් සිරාවටම කියන්නේ හරියන සිරා කෙල්ලක්නම් කරපන් , නැත්නම් ගොන් කෙලි කරන්න එපා . සිරාවටම කෙල්ලෙකුට love නම් විටරක් කෙල්ලක් කරපන් .
ReplyDeleteThanks and that i have a neat offer: How Much Should House Renovations Cost house remodel before and after
ReplyDelete