මිනිසා යනු තන්හා ආශාව ආදියේ වේලි ඇලී ඒ මත තම ජීවිතය තබා සිටින්නෙකි. මමත්වය
ආත්මාර්ථය ඉර්ශියාව ආදියේ යම් ප්‍රමාණයකින් හෝ ඔවුන් තුල ඇත.එබැවින් මෙවන්
සිතුවිලි අවේගශීලි පුද්ගලයන් බිහි කිරීමට සමත්වෙයි. මේ බව දන්නා යම් යම් පුද්ගලයන්
තමන්ගේ අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා මිනිසුන්ගේ හදවතට කතා කොට තමාගේ අරමුණු
වෙනුවෙන් ඔවුන් පෙළ ගැස්සීම සිදුවේ.
විශ්ව විද්‍යාලීය උප සංස්කෘතිය තුල නම් මේකට
කියන්නේ තෙල් ගහනවා කියන එක. මේවගේ දේවල් වලින් ශිෂ්‍යයන් තමන් වෙත ආකර්ෂණය
කරගන්නවා. ඊටපස්සේ තමන්ගේ හිත් වල තියන අදහස් ඔවුන්ගේ හිත් වලට කාවද්දල ඒ අදහස්
ඉදිරියට ගෙනියන පරම්පරාවක් නිර්මාණය කරනවා. ඉතින් ඒ විදියට නිර්මාණය වන පිරිස්
වලින් අඩුවක් නෑ කැම්පස් එකක් ඇතුලේ. එක එක මතවාද තමන්ගේම කියාගත්තා පුද්ගලික මතවාද
තමන්ගේ දේශපාලන මතවාද මේ හැමදේම විශ්ව විද්‍යාලයකට අමුත්තක් නෙවෙයි. ඒ වගේම අපි
අමතක නොකළයුතු තව ප්‍රධාන කරුණක් තියනවා. ඒක තමයි මේ විශ්ව විද්‍යාල තුල ඉන්නේ තරුණ
පිරිස් කියන ඒක.ඒ තරුණ ජවය එක්ක තනිව තීරණ අරන් තමන්ගේ අදහස් නිවැරදි කියල තමන්
වටා පිරිසක් ගොඩ නගා ගන්න කැමති පුද්ගලයන් ඉන්නවා. ඒක තමයි යථාර්තය. අන්න ඒ නැගී එන
නායකත්වය නිවැරදි මාවතකට යොමුවෙනවානම් මේ හුගක් ගැටළු වලට විසදුම් ලැබේවි. නමුත්
වර්තමානය තුල සිදු නොවන්නෙත් ඒ දේමයි.