Friday, April 27, 2012

ශ්‍රේෂ්ඨයෙකුගේ නික්මයාම …..

                                     

                                            DSC02207

                                                 වසර 8 අධික කාලයක් ndt සිසු දරුවන්ගේ නැණස පෑදීමට මහත් අභිරුචියකින් හා කැපවීමකින් කටයුතු කල, සැම සිසුවෙකුටම ගුරුවරියකට වඩා මවකට සමාන සෙනෙහසකින් හා ආදරයකින් යුතුව ඔවදන් දෙමින් ඔවුන් යහමග යැවූ,දුකේදී විපතේදී සැමට පිහිට වු කමලා ගමගේ ගුරු මෑණියන් නිම කල නොහැකි විශිෂ්ඨ සේවා කාලයක නිමාවත් සමගම පසුගිය දිනක  අප සැමගෙන් ද,මොරටුව විශ්වවිද්‍යාලයෙන්ද සමුගෙන ගියේය.

Monday, April 23, 2012

මට දැනුණු දේ...

 

                                     thinking_of_you_by_D_cartoonist


                              අ.පො.ස සාපේ නිත්තාවටම දුරුකිරීමත් සමගම කුඩා කළ පටන් ඉංජිනේරු අංශය ගැන තිබූ උනන්දුවක් නිසා උසස් පෙළ ගණිත අංශයෙ හැදෑරීමට මා යොමු වුනා... ගණිත අංශයෙන් උසස් පෙළට මුහුණ දෙද්දී සමහරු හිත යටින් හිනා වෙන බව මට ඕන තරම් දැනුනා... ඒ,ඒ අය හිතාගෙන ඉන්න පටු දැකීම තුලින් ගණිත අංශය අමාරුයි කියන බව දැකලා... ඒත් ඒ කිසිවක් මට නම් වැදගත් උනේ නෑ...
                               ප්‍රථිපල ආවම ඉංජිනේරු හීනය, හීනයක්ම වෙයි කියලත් හිතුනා මට... සමහරු අමුතු විදියට හිනා වූනා... කළා අංශයේ A ,B ,B ප්‍රථිපල මට ඇහෙන්න කිව්වේ හරි ලොකුවකින්... ඒත් ඉතිං දන්න අය දන්නවා ඒකෙ තියෙන ලොකුව ගැන...
                              

Monday, April 16, 2012

පුසාගේ කොලම

 
images (14)
           පුසා මේ කොලම ලිව්වේ මාසයකට දෙකකට කලින්ය.ඒ ග්‍රෑන්ඩ් ෆිනාලේ exam එක අතරතුර ස්ට්‍රයික් එකක් කරන්නට පටන් ගත් කාලයේය.එත් කොලම ඉවර කරන්නට කලින් ස්ට්‍රයික් එක ඉවර උන නිසා ඇඩ්මින් තුමාට ආයෙත් exam වලට පාඩම් කරන්නට වුනේය.කොලම ප්‍රසිද්ධ නොකළ නිසා පුසා ඇඩ්මින් වන මං තුමා සමග හිත අමනාප කරගත් අතර නැවත පුසාගේ කොලම ලිවිම පවා ප්‍රතික්ෂේප කළේය.ඒ නිසා පුසා වෙනුවෙන් මේ කොලම පල කරන්නට අදහස් කල අතර තවමත් ස්ට්‍රයික් එක තියෙන බව සිතාගෙන මේ ලිපිය කියවන ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
  
        මේ දවස් වල පුසා ඉන්නේ හොඳටම හන්ටර් වෙලාය.ARCHI කොල්ලො ටික නැත්නම් කෑම ටිකක් හොයා ගන්නට පාරට බහින්නට වෙනවා සිකුරුය.බඩෙන් කාලක්වත් පිරෙන්න ඉඳුල් නොවැටුන නිසා දවල්ට නින්ද යන්නෙත් නැතිය.ඒ නිසා විස්සවිද්‍යාල ආයෙ පටන් ගන්නෙ කවද්ද බලන්නට පුසා නිකමට මෙන් ගොඩ කැන්ටිමෙන් පල්ලම් බැස්සේය.

Sunday, April 15, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා !!

 

 

                                                  images (2)

               

                  NEW ERA FOR NDT  පාඨක ඔබ සැමටත්,NDT පාඨමාලාව හදාරන්නා වු සියලුම සහෝදර සහෝදරියන් හටත්,නවක වධ විරෝදී ශිෂ්‍ය එකමුතුව වෙනුවෙන් නන් අයුරින් සහයෝගය ලබා දෙන්නා වූ සියලුම ආදී ශිෂ්‍යයන් හා ප්‍රදේශවාසී ජනතාවටත්,සකල ශ්‍රී ලංකා වාසීන් හටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට,සෟභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු……!