Monday, January 30, 2012

විශ්වවිද්‍යාල අර්බුධයේ තවත් පැතිකඩක්, අනධ්‍යයන වෘත්තීය සමිති ක්‍රියාදාමය සහ එහි පසුබිම





රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතිහාසය පුරාවටම විවිධ හැලහැප්පීම්අර්බුධ හමුවේ ඒවාට මුහුණ දෙමින් විකාශණයවු අතර මෑත කාලීනව අර්බුධ රාශියකට එකවර මුහුණපෑමට සිදුවීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උණුසුම් වතාවරණයක් පැනනගින්නට විය.පැහැදිලි කරගත යුතු තත්වයන් වන්නේ මෙම අර්බුධ කිසිවක් එකවර පැන නැගුණු ඒවා නොවන නිසාය. මෙම ගැටළුකාරී තත්වයන් දිගු කාලයක් තුළ සංවාදයට බඳුන් වී තිබුනත් නිසි විසඳුම් නොලැබීම නිසා අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇති අතර විශ්වවිද්‍යාල පද්ධතිය ඒ හරහා අපැහැදිලි චිත්‍රයක සේයාවක් මවමින් තිබේ.වර්තමානයේ විශ්වවිද්‍යාල තුළ ඉතාමත් කතාබහට ලක්වු ආන්දෝලනාත්මක අර්බුධයක් ලෙසින් අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් අර්බුධය හැඳින්විය හැක.මෙම අර්බුධය සාකච්ඡාවට බඳුන් කල යුතු වන්නේ එම අර්බුධය හමුවේ විශ්වවිද්‍යාල කටයුතු බොහෝමයක් වරින්වර ඇනහිටීම් වලට ලක්වූ අතරම එවැනි තත්වයන්විශ්වවිද්‍යාල පද්ධතියේ සුරක්ෂිතභාවය කෙරෙහි කෙසේ බලපා ඇත්ද යන්න බොහෝ දෙනෙකුට තවමත් නිවැරදි වැටහීමක් නැති හෙයිනි. අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනයකදී පමණක් සමාජය හා බහුතර විශ්වවිද්‍යාල ජනතාව සොයාබලන ඔවුන්ගේ කාර්යභාරය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කුමන ආකාරයකින් ක්‍රියාත්මක වේද යන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙසින් විමසා බැලීම,විශ්වවිද්‍යාල පද්ධතියේ අනාගත සුරක්ෂිතභාවය සොයන බොහෝදෙනෙකුට වැදගත් වේ.

Monday, January 16, 2012

ලංකාවේ උසස් අධ්‍යාපනය හා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම (නිදහස් අධ්‍යාපනයේ අක්‍රමවත් බව නිසා වයසට යන අපි)




අපේ රටේ විභාග පස්සේ දුවන තරඟේ පටං ගන්නේ 3 වසරේ ඉඳන්.ඒ 5 වසර ශිෂ්‍යත්වේ ඉහලින්ම පාස් කරවන්න 3 වසරේ ලමයින්ව පංති ගානෙ අරං දුවලා.ඔහොම දුක් විඳින අපේ රටේ ලමයි සාමාන්‍ය පෙලටත් පංති 10 කට විතර දුවල හොඳටම හෙම්බත් වෙලයි උසස් පෙල කරන්න එන්නේ.

    හැබැයි ඒ හැම හෙම්බත් වීමක්ම අපේ යහපත උදෙසා කියලා හිත හදාගන්න පුළුවන් දේවල්.ඒත් කතාව පටං ගන්නේ සාමාන්‍යපෙළ කරපු එකා උසස්පෙළ කරන්න කලිං බලං ඉන්න වෙන මාස 6 / 7 ත් එක්ක.සාමන්‍යපෙළ විභාගේ ඉවර වෙන්නේ දෙසැම්බර් මාසේ.ඊට පස්සේ ඒ ලමයි බලං ඉන්නවා කරපු විභාගේ ප්‍රතිඵල එනකං මාස 5ක් විතර.බොහෝවිට අප්‍රේල් මාසේ මැද වෙද්දි තමයි ඔය බලං ඉන්න ප්‍රතිඵලේ එන්නේ.


Saturday, January 14, 2012

පූසාගේ කොලම



ඤාව්ය...        

මා උපන්තේකට කොලමක් තියා හරිහමන් ලියුමක්වත් ලියා නොමැති නිසා මේ අටමගල ලියන්න පටන් ගත්තේ පට්ට බයෙන් ය. නොදන්න මඟුල් කරන්නට ගොස් වරිගය නහගන්න වුනොත් විලි ලැජ්ජාවේ සන්තෝසයේ බැරි ය. මේ වන තෙක් මං ගැන මෙලෝ හසරක් නොකිවුවේ ඒ නිසා ය. ඒත් දැං දැං රට්ටු කිහිපදෙනෙක් මා ගැන දන්නේ ය. ඒත් බොහෝ දෙනා නොදන්නේ ය. එක් පුසියක් මා ඉදිරියේම පුසාට බැන්නාහු ය. ඈ කියන්නේ පුසාගේ කට හොඳ නෑ කියා ය. ඒත් බොහෝ දෙනා හොඳ කිව්වෝ ය. ඒ ගැන නම් බොක්කෙන්ම ස්තුති ය.

ඤාව්ය...

Friday, January 13, 2012

ආදරණිය පුචි නංගියේ මල්ලියේ....




ආදරණිය පුචි නංගියේ මල්ලියේ.... ආ වැරදුනානෙ,දැන් ඉතින් කොහෙද  පුංචි වෙන්නෙ? අපි ඒ හින්ද පුංචි නැතිව ආදරණිය නංගියේ මල්ලියේ කියල පටන් ගනිමු.මුලින්ම මේ දුරුතු මාසේ අපේ මොරටුව කැම්පස් එකට හා හා පුරා කියල ඇතුලත්වූන ඔයගොල්ලෝ ඔක්කොම, NDT  එකේම ඔයගොල්ලන්ට උඩ  බැච් එකේ ඒ කියන්නේ දෙවන වසර අය්යල අක්කල විදිහට අපි හැමෝම සාදරයෙන් පිළිගන්නව.කියන්න නම් අපට ගොඩක් දේවල් තියෙනව.එත් මුලින්ම පුංචි වචනයක් කියන්න ඕන.මේ බ්ලොග් ඒක පුරාවට තියෙන්නෙ,අවුරුද්දක් තිස්සේ අපි වගුරපු දහදිය මහන්සියෙන් ලබා ගත්තු අත්දැකීම් ගැනයි.දැන් ඔයගොල්ලන්ටත් අයිති මේ කැම්පස් එකේ සැඟවුණු ඇත්ත කතන්දරය ගැණයි.මේ බ්ලොග් ඒක සංවාදයට විවෘත්තයි.මෙතන හැමෝගෙම අදහස් එලියට දාන තැනක මිසක්,කව්රුවත් තලා පෙලා දාන්න,මර්දනය කරන්න,කව්රුවත් ගැන වෛරයක් ඇති කරන්න උත්සාහ කරන තැනක් නෙවෙයි.

Thursday, January 12, 2012

මොරටුවෙන් දෙනියායට ...........

(71 වෙනි කණ්ඩායමේ වාර්ෂික ප්‍රජා සත්කාරය පිළිබඳ කෙරෙන අතීතාවර්ජනයකි෴ )


තවත් එක් වෙහෙසකර දිනයක් අවසානයේ කටුබැද්දේ  එක් කුඩා අදුරු පටුමගක් දිගේ ගමන් කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තිදෙනෙකු අතර ඇති වූ කතාබහක් මෙතරම් විප්ලවයක් කරනු ඇතැයි එම රාත්‍රියේදී ඔවුන් තිදෙනාවත් නොසිතන්නට ඇති.නමුත් අධිෂ්ඨානයත් කැපවිමත් අනෙකුත් සියලු බාධාවන් අභිබවා යමින් අද වන විට ඒ සියලු පැතුමන් සාර්ථක අවසානයක් කරා අපව රැගෙනවිත් ඇත.
ප්‍රමිත්,නුවන්,ඉෂාර තුන් යහළුවෝ එදා කතා කලේ අලුත් යමක් කරන්නේ කොහොමද කියලයි.සැමදාම කරන විනෝද චාරිකා,සුහද හමු  වලට වෙනස් යමක් කරන්නට හැමෝටම ඕන වුනා.අපි සමාජ සේවයක් කරමු.ජිවිතේ පුරාවටම නැවත නැවතත් මතක් කරමින් සතුටු වෙන්න පුළුවන් දෙයක්......අපි කරමු අධ්‍යාපන සම්මන්ත්‍රණයක්.ඔව්,සම්ප්‍රදායික රාමුවෙන් එළියට පැන්න “seminar”එකක්,ගුරුවරු ළමයි ලගට ගිහින් බැරි දේවල් කියලා දෙන සම්මන්ත්‍රණයක් ,මොහොතකින් අදහස් ගලා එන්නට විය.

Wednesday, January 11, 2012

පූසාගේ කොලම













ඤාව්ය!                                                                                                      
පසුගිය කාලේ පූසා හිටියෙ හොඳටම සොරි වෙලය.දැන්නම්  CAMPUS වැඩ නිසා කන්න බොන්න වෙලාවට ලැබෙනවාය.පසුගිය අවුරුද්දේ ඉඳලාම මොරටුවේ ප්‍රශ්නය.නමුත් එයාලට ගානක්වත් නෑය.හැබැයි කවුරුහරි මරාගන්නවා නම් හොඳය. එතකොට මල්ල කරේය.සති 23ක නිවාඩු ෂුවර් ය.

     
  

  දැනුවත්වන්න පෙළගැසෙන්න , මුහුණදෙමු   

  අභියෝගයට........ 



 

      පෞද්ගලික විශ්ව විද්‍යාල භූමිකාව මෑතකදී අප ඉදිරිපිට රඟ දෙන්නට සමත් වන්නේ මහත් ආන්දෝලනාත්මක වටපිටාවක් ඇතිකරමින්ය. අයෙක් ඒ මත ‘ආශ්චර්යය’ මවන්නට උත්සාහ ගනියි. අයෙක් එය නිදහස් අධ්‍යාපනය බිලිගන්නා ‘යක්ෂයෙකු’ කරයි. අයෙක් ‘වර්ධනයද’ තවත් අයෙක් මර්ධනයද කතා කරයි  මෙය සටන් පාඨයක් වන්නට පටන් ගන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුලින් පැන ආ විරෝධය හා ඒ හා බැදුනු ඒකරාශී වීම් තුලය.මෑත අවධිය වන විට පෞද්ගලික විශ්ව විද්‍යාල සංකල්පය ව්‍යාප්ත වීම පිලිබදව රාජ්‍ය විශ්ව විද්‍යාල තුල අස්සක් මුල්ලක් නෑරම පැතිර ගොස්ය. ඊට රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විරෝධය දක්වන්නේ, එය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ හා නිදහස් අධ්‍යාපනයේ විනාශය ඒ තුලින් ජනිත වේ යැයි හෝ එම ප්‍රතිපත්ති විනාශය කරා ගෙන යයි යන අදහස් පෙරදැරිවය. රටේ ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවක් අ.පො.ස. උ. පෙල විභාගයට පෙනී සිට සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබුවත් සරසවි වරම් හිමි වන්නේ ඉතාමත් සීමිත පිරිසකටය. ඇතැම් ශිෂ්‍යයන්ට එම වරම අහිමි වන්නේ ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකිනි. නමුත් අප රටෙහි විශ්ව විද්‍යාල පාඨමාලා තුල ඇතැම් පාඨමාලා සදහා ලකුනකින් හෝ අඩු ලකුනු ප්‍රමාණයකින් සුදුසුකම් නොලබන ශිෂ්‍යයාට ඇතුලත් වීමට සිදුවන්නේ (තමන්ගේ රුචිකත්වය කෙසේ වෙතත් ) ඊට හාත්පසින්ම වෙනස් හෝ පාඨමාලා තත්වය පිලිබදව සෑහීමකට පත්විය නොහැකි පාඨමාලාවන් සදහාය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය තුල ඇති අඩුපාඩුද මේ සදහා බලපායි. කෙසේ හෝ මෙවැනි තත්වයක් තුල දක්ෂ බුද්ධිමත් බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි කොට්ඨාසයක් බවට පත්වේ. මොවුන්ට උසස් අධ්‍යාපනික වරම් ලැබීමට ඇති අයිතිය මෙන්ම රටේ බුද්ධි බලකාය තුලට හා සංවර්ධන ක්‍රියාවලිය තුලට මොවුන් යොමු කරවා ගැනීමේ වගකීමක් රජය සතුවේ. මෙවන් වටපිටාවක් තුල, මෙම ගැටළුව කොටස් 2කින් යුක්තව පිලිතුරු අපේක්ෂා කරයි. එකක් නම් එම ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමාපියන්, තම අනාගතය සැලසුම් කිරීමට ගත යුතු පියවරයන්ය. අනෙක නම් මෙම ශිෂ්‍යයන් කෙරෙහි රජය දක්වන ක්‍රියා කලාපය හා වගකීම් සහගත ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවයය.

       

Tuesday, January 10, 2012

පළමු වසර කඩඉම සාර්ථකව ජය ගත් අපේ සොයුරනට උණුසුම් සුභ පැතුම් ...!!



ක්ෂේත්‍ර 9 කින් 7 කම ප්‍රථමස්ථානය හා සමස්ත ප්‍රථිපලය අනුව ප්‍රථම ස්ථානය දිනා ගනිමින් NDT මාතාවට මහත් අභිමානයක් එක් කල නවක වධ විරෝධි ශිෂ්‍ය එකමුතුවේ සාමාජික අපේම සොයුරු සොයුරියන්ට අපේ උණුසුම් සුභ පැතුම් පිරිනමන අතරම, මෙවර පැවැත්වෙන 2 වන වරශාවසාන විභාගයෙන් ද ඉහලම ප්‍රතිපල ලබා ගැනීමට ඔවුනට  ශක්තිය ධෛර්යය ලැබෙවා යැයි ප්‍රාර්ථනා කරමු !!

    Mechanical  Engineering  Technology



Field                  : mechanical engineering technology
Name                  : sumedha senakeerthi
School             : panadura sri sumangala college
Index number : 09/it/me/232
Result              : A 8 , C 1
Average           : 78.66 %
Rank                  : batch top

Monday, January 9, 2012

ආයුබෝවන්.WELCOME,


ආදරණිය නංගියේ මල්ලියේ අද දවස උබලගේ ජිවිතේ සුන්දරම දවස,ඒ උබල අවුරුදු 13 කට වඩා දුක්විදල අද හාපුරා කියල විශ්වවිද්‍යාලයට එනවා ඒ සතුට උබලට වඩා දැනෙන්නේ උබලගේ අම්ම තාත්තාට,අම්මා උබට නොකීවට අද ඒ ඇස්දෙකෙන් එකම එක කදුළු බින්දුවක්හරි වැටෙන්නේ මගේ පුතා, දුව අද ඉදලා ඉංජිනේරුවෙක් නේද කියල ඒ හදවතට දැනෙන නිසා.ඒ නිසා අම්මා තාත්තගේ ඒ අහිංසක සිහින වලට අරුතක් දෙන්න අද ඉදලා උබලට පුළුවන්.ඒ වගකීම තියෙන්නේ උබලගෙ දෙඋර මත,ඉස්සර වගේ පස්සෙන් ඇවිත් ඇගිල්ලෙන් ඇන්න කාලේ ඉවර උනාට ඒ නිදහස වගකීමෙන්, උබලගේ අරමුණ සපල කරගන්න විතරක් යොදවා ගෙන දක්ෂ ඉංජිනේරුවෙක් වෙලා අනාගතේ රටට දැයට වටිනාකමක් ඇති NDT ඩිප්ලෝමාධාරියෙක් වෙන්න සියලු දෙනාටම ශක්තිය දීරිය ලැබේවායි අපි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමු.

කලණ මිතුරා



වැටී- හිරවී සිටින සඳ ඔබ
සිහිනෙයකි ඉදිරියට යන සිත
එහෙත් - ඔබ දෝතින් නගන්නේ
කලණ මිතුරා පමණි -මේ ලොව ...!

කාත් කුරුත් නොමැති ලෝකෙක
හුදකලාවී  තනිව ගිය සඳ
ඔබට නිවැරදි මග කියන්නේ
කලණ මිතුරා පමණි - මේ ලොව ....!

මොරටු ගී ...........